XStream.lk

Derailed

6.6
HD 91 min
South Korea
2016

Derailed (2016) හෙවත් කොරියානු බසින් “Two Men”යනු 2016 වසරේ තිරගත වූ ඉතාම උද්වේගකර සහ අඳුරු යථාර්ථයක් නිරූපණය කරන දකුණු කොරියානු Crime / Action-Thriller ගණයේ චිත්‍රපටයකි. සුපුරුදු කොරියානු ආදර කතාවලින් මිදී, සමාජයේ අඳුරු පැතිකඩක් දෙස අවධානය යොමු කරන මෙම චිත්‍රපටය, ප්‍රේක්ෂකයා ආරම්භයේ සිට අවසානය දක්වාම දැඩි කුතුහලයකින් තබා ගැනීමට සමත් වේ. අධ්‍යක්ෂණය සහ තිර රචනය: Lee Seong-Tae ප්‍රධාන ශානරය (Genre): Action, Crime, Thriller, Drama ධාවන කාලය: මිනිත්තු 91 (පැය 1 මිනිත්තු 31) නිකුත් වූ දිනය: 2016 නොවැම්බර් 30 (දකුණු කොරියාව) IMDb දර්ශකය: 6.1/10 මෙහි සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ නළු නිළියන්ගේ තාත්වික රංගන කුසලතාවයයි.. Ma Dong-seok (Hyung-suk ලෙස): කොරියානු සිනමාවේ දැවැන්තයෙකු වන (Train to Busan, The Roundup වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය) ඔහු මෙහි නීතිවිරෝධී ව්‍යාපාරයක් (Karaoke bar එකක් මුවාවෙන්) පවත්වාගෙන යන දරුණු, නමුත් තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකුගේ චරිතයකට පණ පොවයි. Choi Min-ho (Jin-il ලෙස): SHINee කණ්ඩායමේ K-pop තාරකාවක් ලෙස ප්‍රකට මොහු, තමාගේ සුපුරුදු ප්‍රතිරූපයෙන් මිදී, වීදි දරුවන් කණ්ඩායමක නායකයෙකු ලෙස තාත්වික සහ වෙනස්ම අන්දමේ රංගනයක නිරත වෙයි. Jung Da-eun (Ga-young ලෙස): කණ්ඩායමේ සිටින ප්‍රධාන තරුණියගේ චරිතය නිරූපණය කරන අතර, කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයට මුහුණ දෙයි.. Kim Jae-young (Sung-hoon ලෙස): අතීතයේ කෝන්තරයක් පිරිමසා ගැනීමට පැමිණෙන දරුණු පුද්ගලය්‍යෙකි.. කතාව කේන්ද්‍රගත වන්නේ නිවෙස් වලින් පැනගොස් මහමග ජීවත්වන, කුඩා සොරකම් කරමින් දිවිගෙවන යොවුන් තරුණ තරුණියන් සිව්දෙනෙකු වටායි.. ඔවුන්ගේ නායකයා වන Jin-il ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම කණ්ඩායම බඩගින්නෙන් තොරව ජීවත් කරවීමටයි. දිනක් දැඩි මුදල් අර්බුදයකට මුහුණ දෙන මොවුන්, මුදල් සොයාගැනීමේ අරමුණින් භයානක සැලසුමක් දියත් කරයි. ඒ, තම කණ්ඩායමේ සිටින Ga-young නම් තරුණිය යොදාගෙන මැදිවියේ පුද්ගලයෙකු හෝටලයකට ගෙන්වා ඔහුව බියගන්වා මුදල් කොල්ලකෑමයි. ඔවුන්ගේ එම සැලසුම කණපිට පෙරළෙන අතර ඔවුන් මුලා කිරීමට තෝරාගන්නා පුද්ගලයා වන Hyung-suk යනු සාමාන්‍ය අයෙකු නොව, පාතාලයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. මේ ගැටුමේදී Ga-young, Hyung-sukගේ ප්‍රාණ ඇපයට අසුවන අතර, ඇයව නිදහස් කරගැනීමට නම් Jin-il ට විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි. තම පෙම්වතිය බේරාගැනීම වෙනුවෙන් මුදල් සෙවීමට Jin-il කාලය සමඟ සටන් කරන අතරතුර, අතීතයේ සිදුවූ සිදුවීමක් නිසා Jin-ilගෙන් පළිගැනීමට බලාපොරොත්තුවෙන් හිරෙන් නිදහස් වූ දරුණු මිනීමරුවකු ඔවුන් පසුපස හඹා ඒම ආරම්භ කරයි. මෙම පීඩනය හමුවේ අසරණ වන ඔවුන්ට කුමක් සිදුවේවිද ? මිනිත්තු 91ක් පුරාවට කිසිදු කම්මැලිකමකින් තොරව, ඊළඟට කුමක් සිදුවේද යන ත්‍රාසය උපරිමයෙන් රඳවා ගැනීමට අධ්‍යක්ෂකවරයා මෙහිදී සමත් වී ඇත.. ඒ වාගේම මෙහි අවසාන දර්ශනයත් ප්‍රේක්ෂකයාගේ මනසේ දිගු කාලයක් රැඳෙනු නොඅනුමානය.. ඔබ Action සහ Dark Crime Thriller කොරියානු චිත්‍රපට රසවිඳින්නෙක් නම්, “Derailed”යනු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි.. ( මෙහි ඇති දරුණු භාෂා භාවිතය කුඩා දරුවන්ට නොගැලපේ..) එසේනම් තවත් චිත්‍රපටයකින් ඉක්මනින්ම හමුවෙමු. සුභ දවසක්…

Down to the Felt

6.0
HD 90 min
United States
2025

සූදුව කියන්නේ මිනිහෙක්ව අගාධයටම ඇදලා දාන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ හැමදේම එකපාරටම නැති වුණාම දැනෙන හැඟීම… අද මම අරගෙන ආවේ අන්න ඒ වගේ අන්ත අසරණ තත්ත්වයට පත්වුණු සූදුකාරයෙකුගේ ජීවිතය වටා ගෙතුණු අපූරු සිනමාපටයක්. ඒ තමයි 2025 වසරේ නිකුත් වුණු “DOWN TO THE FELT”. Jon Osbeck ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය Action, Comedy සහ Thriller ඝණයට අයත් වෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා Michael Stahl-David, Michael Weston සහ Scottie Thompson රංගනයෙන් දායක වෙනවා. ‎ ​කතාව මෙහෙමයි… පෝල් මර්ෆි කියන්නේ දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ කෙනෙක්. එකම දවසක් ඇතුළත එයාට එයාගේ රස්සාව, පෙම්වතිය වගේම ගෙයක් ගන්න එකතු කරපු සල්ලිත් ඔක්කොම අහිමි වෙනවා. අන්තිමට එයාට සිද්ධවෙනවා තමන්ගේ අම්මාගේ ගෙදරට වෙලා ජීවත් වෙන්න. ඊටපස්සේ එයා ගන්නවා භයානක තීරණයක්. ඒ තමයි තමන්ගේ අම්මට ජීවිත රක්ෂණ මුදල හෝ ලබා දෙන්න හිතාගෙන, හරියටම සති දෙකකින් තමන්ව ඝාතනය කරන්න කියලා ඩේවිඩ් කියන කුලී ඝාතකයෙක් එක්ක ගිවිසුමක් ගහන එක. හැබැයි කතාව වෙනස් වෙන්නේ එතනින් පස්සේ. හදිසියේම පෝල්ගේ අවාසනාව ඉවර වෙලා එයාට පෝකර් ක්‍රීඩාවෙන් දිගටම දිනන්න පටන් ගන්නවා. ඒ අතරේ එරිකා කියලා ලස්සන තරුණියකුත් මුණගැහෙනවා. දැන් පෝල්ට ආයෙමත් ජීවත් වෙන්න දැඩි ආසාවක් ඇතිවෙනවා. එයාට පුළුවන් වෙයිද තමන් පස්සේ එන කුලී ඝාතකයාව නවත්තගන්න..? පෝල්ට මේ සෙල්ලමෙන් දිනන්න පුළුවන් වෙයිද..? ජීවිතයේ දෙවන අවස්ථාව පෝල්ට හිමි වෙයිද..? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා… ඉතින් මේ වගේ තවත් සුපිරි film එක උපසිරැසියක් අරන් නැවත එනකම් මෙතනින් නවතිනවා හැමෝටම ජය වේවා…!!!!

End of Days

6.1
HD 122 min
United States
1999

හලෝ යාලුවනේ! ඔන්න ඉතින් අදත් සුපිරිම මට්ටමේ පරණ චිත්‍රපටයක් අරගෙනයි ආවේ. ගොඩක් දෙනෙක් මේක බලලා ඇති, ඒත් සිංහල උපසිරසි එක්ක ආපහු බලන එකේ පොඩි ගතියක් තියෙනවනේ. ​මේ චිත්‍රපටය ආවේ 1999 අවුරුද්දේ අන්තිම. ඒ දවස්වල ලෝකය පුරාම ලොකු කුතුහලයක් සහ බියක් තිබුණා 2000 වසර උදාවීමත් එක්ක “ලෝක විනාශය” වෙයිද කියලා (Y2K වගේ දේවල් එක්ක). ඉතින් ඒ “Millennium” මාතෘකාවම අල්ලලා මේ වගේ කතාවක් හැදීම මිනිස්සු අතරේ ලොකු උනන්දුවක් ඇති කළා. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 5.8/10 Rotten Tomatoes: 11% සිනමාපටයේ තොරතුරු, අධ්‍යක්ෂණය : Peter Hyams ප්‍රධාන නළු නිළියන් : Arnold Schwarzenegger (Detective Jericho) Robin Tunney (Christine York) Gabriel Byrne (The Devil) වර්ගය : Horror | Action | Fantasy ධාවන කාලය : පැය 2 මිනිත්තු 2 වියදම : $83-100 Million ​මුළු ආදායම : $212 Million ​කතාව ගැන පොඩ්ඩක්: ​ ​ජෙරිකෝ කේන් (Jericho Cane) කියන්නේ තමන්ගේ පවුල අහිමි වුණු, ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න හිටපු පොලිස් නිලධාරියෙක්. දැන් මෙයා පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් විදිහටයි වැඩ කරන්නේ. හැබැයි එයාට භාර වෙන එක සාමාන්‍ය රාජකාරියක් නිසා මුළු ලෝකයේම ඉරණම තීරණය වෙන මහා භයානක කුමන්ත්‍රණයක සුළමුල හෙළි කරගන්න මෙයාට සිද්ධ වෙනවා. ​අවුරුදු දහස් ගණනක ඉඳන් එන අඳුරු අනාවැකියකට අනුව, සහශ්‍රකය අවසානයේදී සාතන් (Satan) මනුෂ්‍ය වේශයෙන් ලෝකයට එනවා. එයාගේ අරමුණ වෙන්නේ එක්තරා තරුණියක හරහා තමන්ගේ අණසක පතුරුවලා මුළු ලෝකයම අන්ධකාරයට ඇද දමන එකයි. ​ඉතින්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් වුණු ජෙරිකෝට පුළුවන් වෙයිද අද්භූත බලවේගයකට එරෙහිව සටන් කරලා මේ විනාශය නවත්වන්න? ඒ කුතුහලය දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්නම වෙනවා! නරඹන්නන්ගේ අවධානයට: ​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා, නිරුවත් සහ ලිංගික දර්ශන දරුණු ප්‍රචණ්ඩත්වය අසභ්‍ය වචන ​(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.) ​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

Pokkiri Raja

5.3
HD 136 min
India
2010

ආයුබෝවන් අද පොඩි වෙනසක් කලා. හැමදාම අළුත් චිත්‍රපට ගේන්න ඕනෙ නෑනෙ. ආයෙමත් මමපරණ චිත්‍රපටයක් කරන්න අත ගැහුවා. මේක කරන්න ඉල්ලීමක් ආපු නිසා තමයි කලේ. මලයාලම් චිත්‍රපට කර් මාන්තයේ ස්වර් ණමය යුගය ලෙස හඳුන්වන්නෙ 1985-2000 අතර කාලය. ඒත් ඊට පස්සෙ උදා වෙන්නෙ මලයාලමේ අඳුරුතම යුගයක්. ඉතා අවර ගණයේ ගුණාත්මක බවින් තොර ලෝ බජට් චිත්‍රපටි, බී ග්‍රේඩ් මල්ලු චිත්‍රපට ලෙස ප්‍රචලිත වැඩිහිටියන්ට සීමා වූ චිත්‍රපටි මිසක් සැලකිය යුතු ගුණාත්මක චිත්‍රපටයක් මේ කාලෙ බිහි වෙන්නෙ කලාතුරකින්. බොහෝ අධ්‍යක්ෂක වරුන් දමිළ චිත්‍රපට රැල්ලට නතු වෙලා හිටපු කාලයක් මේ. මේ තත්වය නිමා වෙලා මලයාලි සිනමාවෙ නව යුගයක් ඇරඹෙන්නෙ 2011දි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා සේරම දන්නවා. මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2010 වසරෙදි. වාණිජමය චිත්‍රපටයක් වන මේක ඒ වසරේ වැඩිම ආදායමක් උපයා ගන්නා චිත්‍රපටය වෙනවා. (ඉන්දියානු රුපියල්කෝටි 20ක්). හරියට දිගින් දිගටම පාඩු ලැබූ මලයාලම් සිනමාවේ ඉඩෝරයට පොද වැස්සක් උනා කිව්වොත් නිවැරදියි. කොහොම උනත් මේකත් දමිළ සිනමාවෙ ආභාෂයෙන් නොමිදුනු එහෙත් මලයාලම් අනන්‍යතාවක් තියෙන ඒ කාලෙ හැටියට අළුත්ම තේමාවක් රැගත් චිත්‍රපටයක්. මේක දෙමළ කොපියක් නොවෙයි කියන්න ලොකුම හේතුව ඒක දෙමළ බසින් හඬ කවා තමිල්නාඩුවේත් ඒ වගේම ප්‍රති නිර්මාණ දෙකක් හිංදි (බොස්) සහ තෙළිඟු (බායි) බිහි වීම. ඒ නිසාම මේක මලයාලි අඳුරු යුගයෙ බිහිවුන සුවිශේෂ චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඉතිං කතාව කිය වෙන්නෙ සහෝදරයන් දෙන්නෙක් ගැන. පියාගෙ වරදක් තමන් මත පටවාගෙන දඬුවම් විඳ පසුව පියාගෙන්ම ප්‍රතික්ෂේප වන තරුණයෙක් අවසානයේ නවතින්නෙ මැර නායකයෙක් වෙලා. කෙසේ වෙතත් විශාල කරදරයකට මුහුණ පාන ඔහුගේ බාල සහෝදරයා බේරා ගැනීමට ඔහුට නැවත පැමිණෙන්න වෙනවා. ඉතින් ඒ කතාව තමයි ඇක්ෂන් සහ කොමඩි එක්ක දිගටම විකාශනය වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරන්නෙ වයිසාක් විසින්. චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන ඔහුගෙ ප්‍රමූඛතම චිත්‍ර්පටය තමා වසර කිහිපයක් තිස්සේ ආදායම් වාර්තා තබා ගෙන සිටි පුලිමුරුගන්.මේකෙ sequal එකක් ඔහු විසින්ම 2019 දි මධුර රාජා නමින් නිපදවනවා. මේකෙ ප්‍රධාන නළු යුගලය මම්මුටි සහ ප්‍රීතිවිරාජ්. සුරාජ් වෙන්ජාරමුඩු, ශ්‍රියා සරන්, නෙඩිමුනි වේණු, සිද්දික්, විජයරාඝවන් සහ සලීම් කුමාර් මෙහි අනිත් චරිත රඟපානවා. ටිකක් පරණයි තමයි. ඒත් පොඩි වෙනසකටත් එක්ක ඇක්ෂන් කොමඩි බලන අයට මේක හොඳයි. ඉදිරියටත් උප සිරැසි නැති පැරණි එහෙත් සුවිශේෂ මලයාලි චිත්‍රපට කීපයකම උපසිරැසි ගෙන එන්න අදහස් කරනවා. එහෙම චිත්‍රපට තිබෙනවා නම් යෝජනා කරන්න. පිටපත් සොයා ගැනීමේ හැකියාව මත එවැනි චිත්‍රපට වලට උපසිරැසි ගෙන එන්නම්. නැවත හමුවෙමු. ආයුබෝවන්.

BTS THE COMEBACK LIVE | ARIRANG

9.7
HD 66 min
United Kingdom
2026

BTS (Bangtan Sonyeondan) කියන්නේ නිකම්ම නිර්මාණය වුණු කණ්ඩායමක් නෙවෙයි. Big Hit Entertainment හි නිර්මාතෘ Bang Si-hyukට ඕනෙ වුණේ තමන්ගේම කතාව ලෝකයට කියන “Hip-hop” කණ්ඩායමක් හදන්නයි. 2010 දි පළවෙනි සාමාජිකයා විදිහට RM සම්බන්ධ වෙනවා. ඉන්පසු පිළිවෙළින් Suga, J-Hope, Jin, Jungkook, V සහ Jimin කණ්ඩායමට එකතු වෙනවා. 2013 ජූනි 13 වෙනිදා “2 Cool 4 Skool” ඇල්බමය සහ “No More Dream” ගීතය හරහා ඔවුන් ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඒ කාලේ ඔවුන් කතා කළේ තරුණයින්ට මුහුණ දීමට සිදුවන සමාජ පීඩනය සහ අධ්‍යාපන ක්‍රමය ගැනයි. 🔥 BTSලගෙ ජයග්‍රහණයේ මාවත වුනේ Skool Luv Affair සහ Dark & Wild. මුල් කාලයේ ඔවුන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. කුඩා සමාගමකින් පැමිණි නිසා ප්‍රධාන රූපවාහිනී නාලිකාවල ඉඩක් ලබා ගැනීම පවා අපහසු වුණා. නමුත් ඔවුන් අත්හැරියේ නැහැ. හැරවුම් ලක්ෂය වුනේ The Most Beautiful Moment in Life (HYYH) 2015 වසර BTS ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන වසරක්. “I Need U” ගීතය හරහා ඔවුන් පළමු වරට සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. මෙතැන් සිට ඔවුන්ගේ “Youth” (තරුණ කාලය) පිළිබඳ සංකල්පය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තා. ඔන්න ඔහොම කල් යල් යත්ම එකිනෙකට වෙනස් ගීත හරහා එයාලා ජනප්‍රිය වුනා. ඒ ගීත වලින් අසන්නන් වුන අපිට පණිවිඩයක් දෙන්නත් BTS කොල්ලො ටික අමතක කලේ නෑ. 2022 වසරෙන් පසු නිකුත් කළ පළමු සාමූහික ඇල්බමය තමයි BTS the Comeback Live: Arirang කියන්නෙ. 2022 දි මේ අය අනිවාර්ය හමුදා සේවයට බැදුනනෙ. හැබැයි එයාලා අන්තිමට තිබ්බ බුසාන් ප්‍රසංගය දවසෙ කිව්වා එයාලා අනිවාර්යෙන්ම ආපහු ප්‍රේක්ෂකයො අතරට එනවා කියලත්. BTS the Comeback Live: Arirang ගැන කිව්වොත් Arirang සම්බන්ධ අවස්ථාවන් BTS ගමනේ ඉතා හැඟීම්බර අවස්ථා වෙනවා. විශේෂයෙන්ම KCON වැනි ජාත්‍යන්තර වේදිකාවල ඔවුන් කොරියානු අනන්‍යතාවය ලෝකයට ගෙන ගියා. සාම්ප්‍රදායික “Arirang” ගීතය BTS විසින් නවීන සංගීත මුසු කර ගායනා කිරීම හරහා ඔවුන් පෙන්නුම් කළේ තමන් කොතරම් උසස් තැනක සිටියත් තමන්ගේ මුල් (Roots) අමතක නොකරන බවයි. මේ ප්‍රසංග හරහා ඔවුන් ලෝකයට දුන් පණිවිඩය වුණේ “අපිට ඕනෑම බාධකයක් ජයගෙන නැවත නැගී සිටිය හැකියි” යන්නයි. BTS කියන්නේ නිකම්ම ගායක පිරිසක් නෙවෙයි; ඔවුන් තමන්ගේ දහඩිය, කඳුළ සහ මහන්සිය කැප කරලා බිංදුවේ ඉඳන් ඉහළටම ආපු පිරිසක්. “No More Dream” එකෙන් පටන් ගත්ත ඒ පුංචි කොල්ලෝ හත්දෙනා, අද මුළු ලෝකයම පාලනය කරන සංගීත අධිරාජ්‍යයක් ගොඩනගලා තියෙනවා. BTS කණ්ඩායමට ආදරේ කරන අය වගේම අකමැති පිරිසකුත් ඉන්නවනෙ. හැබැයි එයාලගෙ හැසිරීම, විනය, ප්‍රේක්ෂකයන්ට ගරු කරන විදිහ ආදරේ කරන විදිහ.. මෙන්න මේ තරු ගුණයන්වලින් පිරිච්ච කණ්ඩායමක් තමා BTS කියන්නෙ. හැබැටි එයාලාට අකමැති අයට එයාලා වෛර කරන්නෙත් නෑ. මොකද එයාලා සිංදුවලින් පවා කියනවා වෛරය අතාරින්න කියලා. ගොඩක් සිංදු ඇහුවාම පේනවා මේ එයාලගෙ ගමන ගැන කියවෙන සිංදු කියලා. සබ් හැදුවට ඒ වචන ටයිප් කරද්දි දැනුන හැගීම මටත් විස්තර කරන්න බෑ. මේක එයාලා දරාගෙන ඉන්න ගොඩක් ලස්සන ඔටුන්නක්. BTS ලගෙ වාර්තා වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම.. BTS කියන කණ්ඩායමම ඒ වගේ එකක් වෙන්න ඇති.. ගොඩක් ලස්සන ලොකු ඔටුන්නක් නිසා.. ජනප්‍රිය වෙන දේවල් වෙනස් වෙනවා.. දිගටම එකම දේ කරන්න බෑනෙ.. “කොහොමද ආපහු එන්නෙ..” මේක ඇත්තටම ගොඩක් විශ්වාසදායක වෙන්න ඕනෙ ඇල්බම් එකක්.. දැන් මේක කරන්න පුළුවන් වෙයිද කියන එක… ලොකු ප්‍රශ්නයක් වුණානෙ.. අපි තාමත් කොරියාවෙ ගම්වලින් ආපු අය කියන ඇත්ත.. කාලය ඇසිපිය ගහන සැණින් පහු වෙලා ගියා.. ජීවිතෙන් බාගයක්ම කණ්ඩායමේ අයත් එක්ක ගත කළා.. කණ්ඩායමේ අය මගේ දෙවෙනි පවුල වගේ.. ‘අරිරං’ කියන්නෙ වේදනාව පිරුණු සංගීතයක්.. හරියට හීනයක් වගේ දැනෙනවා.. මොකද.. අන්තිමේදී ඒකෙ අවසානයට.. “හත්දෙනාගෙම කටහඬවල් එකතු වෙලා” “අපිට උගන්වන්නෙ අපේම කතාව ලෝකයට කියන්නයි.” — BTS මං හිතන්නෙ BTS කොන්සර්ට් එකක් උපසිරැසි ගැන්නුව පලවෙනි වතාව වෙන්න ඕනෙ. BTS the Comeback Live: Arirang ඔයාලගෙ අතරට උපසිරැසි එක්ක අරන් එන්න පුලුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම සිංහල කොරියානු කියන භාෂා දෙක වෙනස් එකිනෙකට. එතකොට මං සිංදුවලට දෙන්න හදන අදහස පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්. ඒකට සමාවෙන්න ඕනෙ හැබෑ එයාලා කතා කරන දෙබස් නම් ගින්දරටම සබ් දීලා තියෙනවා. මේක නම් මට ඇත්තටම විස්තර කරන්න අමාරු හැගීමක්. වචන අකුරු කරද්දි ඇස්වලට කදුලු පිරුණ අවස්ථා සතුටෙන් කෑ ගහන්න හිතුන අවස්ථා එමටයි. එහෙන හැමෝම ආදරෙන් වැලදගන්න BTS the Comeback Live: Arirang ප්‍රසංගය. මේක BTS ෆෑන් කෙනෙක් විදිහට මම ගත්ත සුපිරිම අත්දකීමක්. සටහන හා උපසිරැසි ගැන්ව්ම – උචිනි පෙරේරා

Peaky Blinders: The Immortal Man

7.4
HD 112 min
United Kingdom
2026

ඔන්න Peaky Blinders ෆෑන්ස්ලා ගොඩක් කල් බලන් හිටපු දවස ඇවිල්ලා.. “Peaky Blinders: The Immortal Man” චිත්‍රපටය ගැන තමයි මේ කතා කරන්නේ. 2022 දී ටීවී සීරීස් එක ඉවර වුණාට පස්සේ, ආයෙමත් අපේ ප්‍රියතම ටොමී ෂෙල්බි තිරයට ඇවිත් ඉන්නවා. අද (2026 මාර්තු 20) ඉඳන් මේක Netflix එකෙන් බලන්නත් පුළුවන් අධ්‍යක්ෂණය: Tom Harper තිර රචනය: Steven Knight (Peaky Blinders නිර්මාතෘ) ප්‍රධාන නළු නිළියන්: Cillian Murphy (ටොමී ෂෙල්බි), Barry Keoghan (ඩියුක් ෂෙල්බි), Rebecca Ferguson, Tim Roth එක්ක පරණ සෙට් එකේ Sophie Rundle (ඒඩා), Stephen Graham, Ned Dennehy නිකුත් වූ දිනය: 2026 මාර්තු 6 (සිනමාශාලාවලට), 2026 මාර්තු 20 (Netflix හරහා) මේ ෆිල්ම් එකේ කතාව යන්නේ 1940 ගණන්වල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය (WWII) දරුණුවටම යන කාලේ. සීරීස් එක අන්තිමේදී තමන්ගේ මරණය බොරුවට මවලා හැංගිලා ගියපු ටොමී ෂෙල්බි, මේ වෙනකොට ඉන්නේ සමාජයෙන් ගොඩක් ඈත් වෙලා හුදෙකලාව. තමන්ගේ අතීතය, යුද්ධයෙන් වුණු බලපෑම්, සහ තමන්ගේ දුවගේ මරණය වගේ දේවල් නිසා එයා තමන්ගේ අතීත කතාව පොතකට ලිය ලිය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. හැබැයි, ෂෙල්බි පවුලේ අතීතය එයාට ලේසියෙන් අතාරින්න දෙන්නේ නැහැ. ටොමීගේ පුතා වෙන ඩියුක් දැන් Peaky Blinders කල්ලියේ පාලනය අරගෙන, ඒක වෙනමම විනාශකාරී පැත්තකට අරන් යනවා. ඒ අස්සේ නාසි බලපෑම් සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය වට්ටන්න හදන මහා පරිමාණ හොර සල්ලි ජාවාරමක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දේවල් නිසා ටොමීට ආයෙමත් තමන්ගේ පරණ ලෝකෙටම බහින්න සිද්ධ වෙනවා. මේ පාර සටන තියෙන්නේ පාරේ මැරයෝ එක්ක නෙවෙයි, ඊට වඩා ගොඩක් භයානක දේශපාලනික සහ යුධමය බලවේග එක්කයි. Barry Keoghan, Rebecca Ferguson සහ Tim Roth වගේ හොලිවුඩයේ ජනප්‍රියම නළු නිළියන් සෙට් එකක් මේ ෆිල්ම් එකට අලුතින් එකතු වෙලා තියෙනවා. Tim Roth මේකේ ප්‍රධාන දුෂ්ටයා විදියට රඟපානවා මේක Peaky Blinders කතාවේ අවසානය, එහෙමත් නැත්නම් ටොමී ෂෙල්බිගේ කතාවේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා. කතාවේ තියෙන ඒ ඩාර්ක්, ගැන්ස්ටර් ගතිය මේ ෆිල්ම් එකෙත් උපරිමයටම තියෙනවා.

Latest Movies

Derailed
91 min 2016

Derailed

Crime Movie
Down to the Felt
90 min 2025

Down to the Felt

Action Movie
End of Days
122 min 1999

End of Days

Action Movie
Pokkiri Raja
136 min 2010

Pokkiri Raja

Action Movie
BTS THE COMEBACK LIVE | ARIRANG
66 min 2026

BTS THE COMEBACK LIVE | ARIRANG

Music Movie
Peaky Blinders: The Immortal Man
112 min 2026

Peaky Blinders: The Immortal Man

Crime Movie
Scream 7
114 min 2026

Scream 7

Horror Movie
Send Help
113 min 2026

Send Help

Horror Movie
Odiyangam
104 min 2025

Odiyangam

Drama Movie
His Three Daughters
104 min 2024

His Three Daughters

Drama Movie
Not Without Hope
119 min 2025

Not Without Hope

Thriller Movie
Zombie Tidal Wave
86 min 2019

Zombie Tidal Wave

Action Movie
Accused
107 min 2026

Accused

Thriller Movie
Bhartha Mahasayulaku Wignyapthi
142 min 2026

Bhartha Mahasayulaku Wignyapthi

Family Movie
War Machine
110 min 2026

War Machine

Action Movie
Border 2
201 min 2026

Border 2

Action Movie

Latest TV Shows

Sentenced to Be a Hero
2026

Sentenced to Be a Hero

Animation TV Show
PONIES
2026

PONIES

Drama TV Show
Jeffrey Epstein: Filthy Rich
2020

Jeffrey Epstein: Filthy Rich

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
56 Days
2026

56 Days

Crime TV Show
To My Beloved Thief
2026

To My Beloved Thief

Comedy TV Show
Bloody Flower
2026

Bloody Flower

Crime TV Show
Spring Fever
2026

Spring Fever

Comedy TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show
Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show

Episode Calendar

Sentence: Feigned Day Off at Port City Ioff

Season 1 Episode 7

Sentence: Defense Against Corruption at Mureed Fortress 2

Season 1 Episode 6

Sentence: Defense Against Corruption at Mureed Fortress 1

Season 1 Episode 5

Standby Order: Mureed Fortress

Season 1 Episode 4

Sentence: Spearhead the Recapture of the Zewan Gan Tunnels 2

Season 1 Episode 3

Sentence: Spearhead the Recapture of the Zewan Gan Tunnels 1

Season 1 Episode 2

Sentence: Support Retreat from Couveunge Forest

Season 1 Episode 1

Don't Go Breaking My Heart

Season 1 Episode 4

Backstreets

Season 1 Episode 3

Hanging on the Telephone

Season 1 Episode 2

Second Hand News

Season 1 Episode 1

The Island

Season 1 Episode 3

Follow the Money

Season 1 Episode 2

Hunting Grounds

Season 1 Episode 1

Truth and Lies

Season 1 Episode 3

A Tale of Retrospection

Season 1 Episode 2

The First Meeting

Season 1 Episode 1

Kahani Khatam

Season 1 Episode 7

Darr Ka Dhandha

Season 1 Episode 6

Hum Coin Hain

Season 1 Episode 5

Operation Longshot

Season 1 Episode 4

The Priya Story

Season 1 Episode 3

Bada Choudhary

Season 1 Episode 2

Customs vs Popat

Season 1 Episode 1

Live broadcast