‘His Three Daughters’ 2023 වසරේ නිකුත් වුණු Drama ගණයට අයත් හොලිවුඩ් චිත්‍රපටයක්.. IMDb 7.1 ක අගයක් සහ 97% ක ඉහළ කුණු තක්කාලි අගයක් ලබාගත්තු මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ Azazel Jacobs අධ්‍යක්ෂතුමා විසින්.. ධාවන කාලය පැය එකයි මිනිත්තු හතළිස් එකයි.. වසරේ Independent Spirit Robert Altman Award එකත්, එම වසරේ හොඳම ScreenPlay වෙනුවෙන් Gotham Independent Film Award එකත් ලබාගන්නට මේ සිනමාපටයට හැකියාව ලැබී තිබෙනවා.. ඒ කොහොම වුණත් කියන්න තියෙන්නේ ඔයා Drama ගතියට ‘ඒ කියන්නේ Action ඇත්තෙම නැති කතාබහෙන්ම ඇදිලා යන, හැඟීම් වලට ෆෝකස් කරන චිත්‍රපට වලට කැමති නැත්තම් මේක බලන්න එපා. කතාව මෙහෙමයි, දුවලා තුන්දෙනෙක් තමන්ගේ අසනීප වුණ, පිළිකාවක් හැදුණ වයසක තාත්තව බලා කියා ගන්න නිව්යෝර්ක් වල තාත්තගේ එපාට්මන්ට් එකට එකතු වෙනවා.. දුවලා තුන්දෙනා තමයි කේටි, රේචල් සහ ක්‍රිස්ටිනා. රේචල් කියන්නේ බාලම දුව.. ඒ වගේම මේ තාත්තා තමයි වින්සන්ට්.. මෙයා දෙවරක් විවාහ වුණ කෙනෙක් සහ රේචල් බාල දුව මෙයාගේ දෙවෙනි කසාදේ ළමයා.. ඒ නිසා අනිත් දෙන්නා මේ රේචල් එක්ක එච්චර ඇයි හොඳයියක් නෑ.. විශේෂයෙන්ම කේටි.. කතාව ගලාගෙන යන්නේ මේ ළමයි තුන්දෙනාගේ එකිනෙකට වෙනස් ජීවිත කතා එක ගෙදරක තමන්ගේ තාත්තා වෙනුවෙන් ඒකාබද්ධ වෙනකොට හටගන්නා ගැටළු වලට මේ අය පිළියම් යොදන්නේ කොහොමද කියන කාරණේ හරහා.. සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර ජය!