SpongeBob SquarePants කියන්නේ Nickelodeon නාලිකාවෙන් ප්‍රසිද්ධ වූ, ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලැබූ cartoon චරිතයක්. ඔහු ජීවත් වෙන්නේ මුහුද යට තියෙන Bikini Bottom කියන නගරයේ. SpongeBob කියන්නේ සාමාන්‍ය sponge එකක් වුණත්, ඔහුගේ ජීවිතය පිරිසිදු සතුට, හොඳකම සහ විනෝදයෙන් පිරිලා තියෙන එකක් කියලා කියන්න පුළුවන් SpongeBob ජීවත් වෙන්නේ මුහුද යට pineapple ගෙයක් තුළ. ඔහුගේ දිනපතා ජීවිතයේ වැදගත්ම දෙයක් තමයි Krusty Krab කියන restaurant එකේ වැඩ කිරීම. ඔහුගේ රැකියාව fry cook එකක් වීම. SpongeBobට මේ රැකියාව ලොකු ආඩම්බරයක්, ඔහු හිතන්නේ Krabby Patty හදන්න ලෝකයේ හොඳම කෙනා තමන් කියලා SpongeBob ඉතාම: සතුටුදායක හොඳ හදවතක් තියෙන අනිත් අයට උදව් කරන්න කැමති කුඩා දේවල් වලින්වත් සතුටු වෙන්න දන්න කොච්චර ගැටලු ආවත්, ඔහු never give up කරන චරිතයක්. සමහර වෙලාවට ටිකක් මෝඩ වගේ පෙනුනත්, ඇත්තටම ඔහුගේ හදවත හරිම පිරිසිදුයි අන්න ඒ හේතු හින්දම තමයි මේ චිත්‍රපටියටත් මඟ සපයන්නෙ SpongeBobගේ ජීවිතයේ වැදගත් චරිත කිහිපයක් තියෙනවා. ඔහුගේ හොඳම යාලුවා තමයි Patrick Star. Patrick බුද්ධිමත් නෑ කියලා පෙනුනත්, ඔහු SpongeBobට ඉතාම විශ්වාසවන්ත සහ හදවතින්ම ආදරය කරන යාලුවෙක්. SpongeBobගේ අසල්වැසියා වන Squidward Tentacles නම් චරිතය SpongeBobට කැමති නෑ, නිතරම කෝපෙන් සහ කේන්තියෙන් ජීවත් වෙන කෙනෙක්. ඒකට වෙනස්ව Sandy Cheeks කියන්නේ Texas වලින් Bikini Bottomට ආපු squirrel එකක්, ඇය විද්‍යාත්මක දැනුමෙන් පිරිපුන් සහ ශක්තිමත් චරිතයක්. මේ අතර Mr. Krabs කියන්නේ Krusty Krab restaurant එකේ හිමිකරු, ඔහු මුදල්ට හරිම ආදරේ කරන, ලාභය ගැන වැඩියෙන් හිතන චරිතයක්. එහෙනම් මේ චිත්‍රපටියත් රසවිදින්න කියලා ආරාධනා කරනවා එහෙනම් ඊළඟට අපි හමුවෙනකන් ජය වේවා