සුබ දවසක් හැමෝටම! ඔන්න අද මම අරගෙන ආවේ මුළු ලෝකෙම ඉන්න තෙළිඟු සිනමා ලෝලීන් වගේම, අපේ “ඩාලිං” ප්‍රභාස්ගේ ෆෑන්ස්ලා ඇඟිලි ගැන ගැන බලන් හිටපු සුපිරිම චිත්‍රපටයක්. ඒ තමයි The Raja Saab (2026). මේක Horror-Comedy එහෙමත් නැත්නම් හොරර් සහ කොමඩි කැටගරි එකට වැටෙන, බය හිතෙන ගමන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. ක්‍රියාදාම චිත්‍රපටවලින් දැකපු ප්‍රභාස්ව මේ වගේ සැහැල්ලු සහ විනෝදකාමී විදියට දකින්න ලැබෙන එකත් විශේෂත්වයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maruthi විසින්. කොමඩි චිත්‍රපට කරන්න මාරුති හරිම දක්ෂයි කියලා ඔයාලා දන්නවනේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ People Media Factory යටතේ T.G. Vishwa Prasad විසින්. ඒ වගේම ෆිල්ම් එකේ ගැම්ම තවත් වැඩි කරන්න සංගීතය ලබා දීලා තියෙන්නේ Thaman S විසින්. නළු නිළියන් ගැන කතා කළොත්, ප්‍රධාන නළුවා විදියට අපේ Rebel Star Prabhas රංගනයෙන් දායක වෙනවා. එයාගේ ලුක් එක සහ ස්ටයිල් එක මේ ෆිල්ම් එකේ මාරම වෙනස්. ප්‍රධාන නිළියන් විදියට Malavika Mohanan, Nidhhi Agerwal සහ Riddhi Kumar රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම බොලිවුඩ් සුපිරි නළු Sanjay Dutt ත් මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවනවා. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේක ගලාගෙන යන්නේ පරණ වලව්වක් සහ ඒ හා බැඳුණු අද්භූත සිදුවීම් මාලාවක් වටා. ප්‍රභාස් මේකේ හරිම ජොලි චරිතයක් විදියට තමයි ඉන්නේ. එයා මේ වලව්වට එනවා, හැබැයි එතනදී එයාට නොහිතපු දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම කවුද මේ රාජා සාබ්? වලව්වේ හැංගිලා තියෙන පරණ රහස මොකක්ද? මේක ආත්මයක් සම්බන්ධ කතාවක්ද නැත්නම් ඊට එහා ගිය දෙයක්ද? මේ ප්‍රශ්න අස්සේ යන විහිළු තහළු සහ ත්‍රාසජනක සිදුවීම් ටික බලාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් මීට වඩා මම කතාව කියන්න යන්නෙ නෑ. ප්‍රභාස්ගේ කලින් ෆිල්ම්ස් වගේ නෙවෙයි, පවුලේ හැමෝටම එකට ඉඳගෙන බය නැතුව, හිනා වෙවී බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් මේක. අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!