XStream.lk

Tourist Family

HD 128 min 2025

Tourist Family

7.9

ශ්‍රී ලංකාවේ උද්ධමනය නිසා ජීවන වියදම දරාගන්න බැරි ධර්මදාස් සහ පවුල වැල්වැටිතුරෛයි අපේ ප්‍රභාගේ උපන් ගමෙන් බෝට්ටුවක නැගිලා නීති විරෝධීව රාමේශ්වරම් වලට එනවා. නීති විරෝධීව ඉන්දියාවට ගියාට කමක් නැහැ. නීතී විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න එපා.(මෙය ඕස්ට්‍රේලියානු රජයේ පණිවුඩයකි.) රාමේශ්වරම් වල ගොඩබැහැපු ධර්මදාස් පවුල කෙලින්ම පියවර තිව්වේ පොලිසියේ අත උඩට. කොහොම හරි පොලිසියේ නිලධාරීන්ගෙන් ආයාචනා කරලා අනුකම්පාව උපදවාගෙන නීතීමය ක්‍රියාමාර්ග වලින් නිදහස් වෙනවා. පොලිස් දෑතින් මිදුණු මෙයාලා නවාතැන් ගන්න සුදුසු නිවෙසක් හොයමින් චෙන්නායි වලට යනවා. ශ්‍රී ලංකා දෙමළ බසින් කතා කරන්න ගියොත් අහුවෙන නිසා මෙයාලා චෙන්නායි වල සමඟියක් නැති ප්‍රදේශයකින් බද්දට ගෙදරක් අරගන්නවා. ඒත් මෙයාලා ගෙදර බද්දට ගනිද්දි පහළ ගෙදර ඉන්නෙ පොලිස් කාරයෙක් කියලා දැනගෙන හිටියෙ නැහැ. මේ පොලිස් කාරයාගෙන්, අසල් වාසීන්ගෙන් කොච්චර දුරට ඇත්ත වසන් කරන් ඉන්න පුළුවන් වේවිද කියන එකයි ඉතුරු කතාව. කුළුදුල් සිනමා අධ්‍යක්ෂක වරයෙක් වන අභිෂාන් ජීවින්ත් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටය Good Night (2023), Lover (2024) චිත්‍රපට නිෂ්පාදනය කළ මිලියන් ඩොලර් ස්ටූඩියෝස් විසින් නිපදවනු ලැබුවා. සසිකුමාර්, සිම්රන්, යෝගි බාබු, මිතුන් ජයි ශංකර්, කමලේෂ් ජගන්, රමේෂ් තිලක්, MS බාස්කර්, බගවති පෙරුමාල්. ඉලංගෝ කුමාරවේල්, යෝගලක්ෂ්මි යන නළු නිළියන් රඟපානවා. සංගීතය අධ්‍යක්ෂණය කරන ලද්දේ සීන් රෝල්ඩන්. සිනමා සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් සිනමාවට පිවිසුණු සසිකුමාර් Subramaniyapuram (2008) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා වගේම රංගනයට ද පිවිසෙනවා. එය වසරේ අති සාර්තක චිත්‍රපටයක් බවට පත් වුණා. තවද Sundarapandiyan (2012), Kutti Puli (2013), Ayothi (2023), Naadodigal (2009), Porali (2011), Tharai Thapattai (2016), Kidari (2016) වැනි සාර්ථක චිත්‍රපට ඔහු විසින් ලබා දුන්නා. Petta (2019), Ennai Noki Paayum Thotta (2019), Garudan (2024) වැනි චිත්‍රපටවලට සහය නළුවෙකු ලෙසින් ද දායක වුණා. අයෝදි චිත්‍රපටය නිකුත් වීමෙන් අනතුරුව මහත් උද්වේගකර මාතෘකාවක් වුණා. එය නැරඹීමෙන් පසුව තමිල්නාඩු රජය වෙනත් ප්‍රාන්තයකින් පැමිණ මිය ගිය පුද්ගලයෙකුගේ කටයුතු වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමට රාජ්‍ය නියෝගයක් ඉදිරිපත් කර තිබෙන බව පැවසෙනවා.(තවම ක්‍රියාත්මක කර නොමැත.) ටුවරිස්ට් ෆැමිලි සසිකුමාර්ගේ වෘත්තීය දිවියේ ඉහළම ආදායම උපයාගත් චිත්‍රපටය ලෙසින් ජයග්‍රහණයක් සනිටුහන් වෙනවා. කොහොම වුණත් මේ සාර්ථකත්වය නිසාවෙන් ඔහුගේ අයකිරීම ඉහළ දමන්නේ නැති බව ප්‍රකාෂ කළා. ශ්‍රී ලංකාවේ ඉන්න බැහැ කියන් ඉන්දියාවට ආව පලවෙනි පවුල මේ ටුවරිස්ට් ෆැමිලි එක නෙවෙයි. එක වතාවක් අත්තිපෙට්ටි කියන අන්වර්ත නාමයෙන් හඳුන්වපු ලංකාවෙන් Citizen කියලා කෙනෙක් ආවා. ඊට පස්සේ ලංකාවේ යුධ වාතාවරණය නිසා මානසිකව බලපෑමට ලක්වුණ තෙනාලි සෝමන් Thenali (2000) චිත්‍රපටයෙන් ඉන්දියාවට ආවා. ඉන්දීය දෙමළ චිත්‍රපටයක, ශ්‍රී ලංකන් දෙමළ බස වඩා වැඩියෙන් අහන්න ලැබුණෙ මේ තෙනාලි චිත්‍රපටියෙන්. ශ්‍රේෂ්ඨ නළු කමල් හාසන් ලාංකික දෙමළ බස හාස්‍යජනක අයුරින් උච්චාරණය කළ විලාසය අලංකාරයි වගේම ආකර්ෂණීයයි. ඒ වගේම තෙනාලි ලෙසින් කමල්ගේ රංගනය Forrest Grump (1994) චිත්‍රපටයේ ස්ලැප්ස්ටික්, ඩාර්ක් කොමඩි මුසු ටොම් හෑන්ක්ස්ගේ රංගන කෞෂල්‍යය සිහිපත් කරවනවා. Billa 2 (2012) චිත්‍රපටියෙන් රංගයියා නොහොත් පසුකලෙක ඩොන් කෙනෙක් වුණ ඩේවිඩ් බිල්ලා ඉන්දියාවට නීති විරෝධීව එනවා. Aandavan Kattalai (2016) චිත්‍රපටයෙන් යෝගි බාබුත්, Mass (2015) චිත්‍රපටයෙන් සූරියාද ශ්‍රී ලාංකික සරණාගතයෙකු ලෙසින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. Kannathil Muththamittal (2002), Rameswaram (2007), Chekka Chivantha Vaanam (2017), Jagame Thadhiram (2021), Yaadhum Oore Yaavarum Kelir (2023) චිත්‍රපට කිහිපයකම මේ විදියට ශ්‍රී ලාංකික සරණාගතයින් වෙනත් රටකට සංක්‍රමණය වී තිබෙනවා. ටුවරිස්ට් ෆැමිලි එකේ එන යෝගි බාබුගේ චරිතය, අන්ඩවන් කට්ටලෛ චිත්‍රපටයේ චරිතයේ Spin-off එකක්ද කියලත් හිතෙනවා. කොහොම වුණත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතරින් ආර්ථික බිඳ වැටීම නිසා මේ විදියට ඉන්දියාවට එන මුල්ම සරණාගතයින් වෙන්නේ ටුවරිස්ට් ෆැමිලි එක. ඊලාම් පැටර්න් එක යල් පැනපු නිසා ඉස්සරහට මේ පැටර්න් එක අනුගමනය කරයිද කියන්න බැහැ. කොහොම වුණත් මේ හැමෝටම තමන් දමිළයෙක් වීමේ වාසිය ඉහළම ආකාරයෙන් ප්‍රයෝජනය අරගෙන, දෙමළ භාෂාව කතා කරන ජනයා ඉන්න වෙනත් රටකට ගිහින් ලේසියෙන් හැඩ ගැහෙන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකාවේ අපිට නම් සංක්‍රමණය වෙන්න තියෙන එකම තැන ඕස්ට්‍රේලියාව. නීතී විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න එපා.(මෙය ඕස්ට්‍රේලියානු රජයේ පණිවුඩයකි.) මේ චිත්‍රපටියට Mambattiyan (2011) චිත්‍රපටයෙන් “මම්බට්ටියා ම්ම්බට්ටියා” ගීතය යොදාගෙන තිබෙනවා. ඇත්තටම මේ ගීතය තමිනාඩුවට වඩා කේරළයේ හුඟක් ප්‍රසිද්ධයි. කොටින්ම කිව්වොතින් කේරළයේ මනාලියක් තමන්ගේ කසාද දවසේ කරපු වීඩියෝ වලට(27M & 11M) මේ ඔර්ජිනල් සින්දුවට(4.7M) වඩා අධික ප්‍රමාණයක් යූටියුබ් නැරඹුම් වාර සංඛ්‍යාවක් ලැබිලා තියනවා. අවංකවම මනස්කාන්ත නැටුමක්. කැමති නම් මේ 1 වීඩියෝව, 2 වීඩියෝව ලින්ක් වලින් ගිහින් බලන්න. මේ කේරළ මනමාලියගේ නැටුමේ ප්‍රතිනිර්මාණයකුත් චිත්‍රපටයට එක් කර තිබෙනවා. කොහොමත් මේ චිත්‍රපටය දෙමළ චිත්‍රපටයකට වඩා මලයාලම් චිත්‍රපටයක වින්දනයක් ලබා දෙනවා. මේ මැයි මස 1දා සූරියාගේ Retro (2025) සමඟ තරඟ වදිමින් තිරගත කෙරුණු මෙය විචාරකයින්ගේ, ප්‍රේක්ෂකයින්ගේ මහත් පැසසුමට ලක් වුණා. තවද සුපර් ස්ටාර් රජිණිකාන්ත්, අධ්‍යක්ෂක SS රාජමෞලි (Baahubali, RRR), සූරියා සහ නානි ද ටුවරිස්ට් ෆැමිලි අගයමින් නිළ නිවේදන එක් කරනු ලැබුවා. ඉ.රු. කෝටි 7-8ක් පමණ වැය කර නිපද වූ මේ චිත්‍රපටය මේ වෙද්දී ඉ.රු. කෝටි 78 ඉක්මවූ ආදායමක් උපයාගෙන තිබෙනවා. එය ආසන්න ලෙසින් වැය වූ මුදල මෙන් 10 ගුණයක්. මේක නම් චිත්‍රපටයේ කණ්ඩායමට අදහාගන්න බැරි විශාල ජයග්‍රහණයක් බව නිසැකයි. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie