XStream.lk

Greenland

HD 120 min 2020

Greenland

7.1

කොවිඩ් වසංගතය නිසා අසාධාරණයට ලක් වුන චිත්‍රපට අතරට එක් වුන තවත් චිත්‍රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. ස්වභාවික ව්‍යවසනයන් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද කොවිඩ් කියන වසංගතයම මේ වෙද්දී සුළි කුණාටු, සුනාමි වගෙ ව්‍යසන වලටත් වඩා එහා ගිය නරක තත්වයක් උදා කරපු, මිනිස් ජීවීත තවමත් නැති කරගෙන යන තත්වයක් වෙලා තියෙන්නෙ. මේ වෙද්දී ඇටසැකිලි, පර්යේෂණ හා චිත්‍රපට වලට සීමා වුන දැවැන්තයින්ගෙ නෂ්ට වීමට හේතුවක් වුන, වසර මිලියන 66කට පෙර ඇස්ට්‍රොයිඩ් (ග්‍රාහක) ගැටුම මතකද? මේ හා සමානම ග්‍රාහකයක් නැවත වතාවක් මේ වගෙ කාලෙක පෘතුවියට කඩාගෙන වැටුනොත් මොන විදිහෙ දෙයක් වේවිද? තාක්ෂණය කියන දේ කොයි තරම් ප්‍රබල වුනත්, මිනිස් වගේම සත්ව ජීවීත කීයක් තමන්ගෙ ජීවීතය බේර ගනීවිද? තමන්ගෙ වගේම තමන්ගෙ ආදරණියන්ගෙ ජීවීත බේරගන්න මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමී වේවිද? මේ එකකටවත් හරියටම පිළිතුරු දෙන්න දෙන්න හො හිතාගන්නවත් බැරි තරම් අමාරුයි. ඩයිනෝසෝරයින් විනාශයට හේතු වූ, ඊටත් වඩා ප්‍රබල හා විශාල ග්‍රාහකයක් වර්තමානයෙ දවසක පෘතුවියට කඩාගෙන වැටුනොත් මොන විදිහෙ තත්වයක් ඇතිවේද යන්න යන දේ අලලා තමයි Greenland චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ වසරේ ජූලි 29’වැනිදා බෙල්ජියමේ තිරගත කිරීම ආරම්භ කල චිත්‍රපටය ඔක්තෝබර් 22′ වැනිදා දක්වා, නිකුත් කිරීම කල් යවමින්, කඩින් කඩ රටවල් කිහියක, තෝරාගත් සිනමාශාලා කිහිපයකම (ඇමරිකාව හැර) තිරගත වී තිබෙනවා. ඇ. ඩො. මි. 35ක වියදමකින් නිර්මාණය වූ චිත්‍රපටයට ලොකු ආදායම් උපයන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි චිත්‍රපටයෙ වියදම පියවා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂම කාරණාව තමයි, COVID-19 වසංගතය හමුවේ වුවද Gerard Butler ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වූ Olympus Has Fallen චිත්‍රපටයට හැකි වුනාටත් වඩා වැඩියෙන් මේ Greenland චිත්‍රපටය ප්‍රංශය තුල ප්‍රවේශ පත්‍ර 31,000ක් විකිණෙමින්, ඇ. ඩො. 255,000 උපයා ගනිමින් 61%ක විකිනුමක් මේ චිත්‍රපටයට ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පසුගිය වසරේ නිකුත් වූ Angel Has Fallen සිනමා අධ්‍යක්ෂක Ric Roman Waugh යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ. මෙහි Gerard Butler, Morena Baccarin,Roger Dale Floyd, Scott Glenn, David Denman, Hope Davis යන අය රංගනයෙන් සම්බන්ධ වී තිබෙනවා. මුල් කාලයෙ කැප්ටන් ඇමරිකා රංගන ශිල්පී ක්‍රිස් එවන්ස් පවා රංගනයෙන් එකතු වන අය එකතු වී තිබුනත් පස්සෙ ඔහු ඉවත් වී තිබෙනවා. විනාඩි 119ක් පුරාවට ධාවනය වන මේ චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.4/10ක අගයකුත්, Rotten Tomatoes තුල 100% අගයකුත් ලබාගන්නට හැකියාව ලැබී තිබෙනවා. 2012, San Andreas, Geostorm චිත්‍රපට රස විදපු කෙනෙක් නම්, ඒ හා සමාන ව්‍යසන තත්වයක අත්දැකීමක් ලබාගන්න කැමති නම් අනිවාර්යෙන්ම අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ජය වේවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Blood Creek
90 min 2009

Blood Creek

Animation Movie