Death Whisperer 2 2024 ( සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්….) කොහොමද ඉතින් ඔන්න ඔයාලට මන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාල හැමෝම බලපු කතාවක දෙවන කොටස අරගෙන…. හොදයි එහෙනම් මේ කතාව බලපු අය දන්නවා සහ දෙවන කොටස බලන්න ලෑස්තිවෙන අය දන්නවා දැන් පළවෙනි කොටසෙ වුණේ මොකක්ද කියලා … මන් ආරාධනා කරනවා පළවෙනි කොටසෙ බලලා මේ කොටස බලන්න එතකොට පැටලෙන ගතිය නැතිවෙලා යයි… එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ යැක් කියන ආදරණීය අයියාවටායි… මේ අයියා උත්සාහ කරන්නේ තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය එක සැනකින් විනාශ කරපු ඒ යක්ෂණියගේ කතාව ඉවරයක් කරන්න… ඉතින් මේ අයියට පුළුවන් වෙයිද තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය විනාශ කරපු යක්ෂයාගේ කතාව ඉවරයක් කරන්න…මේ අයියට පුළුවන් වෙයිද තවදුරටත් ගම්වාසීන්ට වගේම ආදරයෙන් අහිංසක විදිහට ජීවත්වෙන සියදහසක් ගැහැණු ළමයින්ගේ ජීවිත ආරක්ෂාකරන්න… මේ කුතුහලය…ත්‍රාසය..භීතිය එකතු වුන මේ කතාව IMDb ⭐ 6.3/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම අධ්‍යක්ෂණය කරන්නේ : Thaweewat wantha සහ මේ කතාවේ පිටපත රචනා කරලා තියෙන්නේ : Sorarat jirabovornwisut & Krittanon එක්වයි… හොදයි එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා ඒ වගේම මේකේ තුන්වන කොටසකුත් Release වෙලා තියෙනවා… ඒකත් ඔයාලට ඕනනම් ඒකත් කියාගෙන යන්න …එහෙනම් මේ වගේ තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුබ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!