හලෝ යාළුවනේ! අද මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ Supernatural Horror / Thriller මූවී එකක්. මේක අධ්‍යක්ෂණය කළේ Joel Schumacher. මේ චිත්‍රපටිය මගනොහැර බලන්න ප්‍රධානම හේතුව තමයි මේකේ ඉන්න සුපිරි නළුවෝ සෙට් එක: Henry Cavill (අපේ ආසම Superman තමයි!) Dominic Purcell (Prison Break එකේ Lincoln Burrows මතකයිනේ?) Michael Fassbender (X-Men එකේ තරුණ Magneto ලෙස රඟපාන සුපිරි නළුවා) Ratings ගැන කිව්වොත්: IMDb: 5.3/10 Rotten Tomatoes: 50% කතාව ගැන පොඩ්ඩක්: අවුරුදු දෙකකට කලින් අතුරුදහන් වුණු වික්ටර් (Dominic Purcell) දවසක් මහා රෑ හදිසියේම තමන්ගේ මල්ලි එවාන් (Henry Cavill) ඉස්සරහා පෙනී ඉන්නවා. හැබැයි වික්ටර් ඉන්නේ මාරම කේන්තියෙන්. එයාට ඕනේ තමන්ව අවුරුදු ගාණක් හිර කරගෙන වද දීපු වොල්නර් පවුලෙන් පලිගන්න. එදා රෑම ඉතින් මේ සහෝදරයෝ දෙන්නා ආයුධත් අරන් ඒ පවුල ජීවත් වෙන ගොවිපොළට ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ! ඒ ගෙදර අය රිචඩ් වර්ත් (Michael Fassbender) කියලා කෙනෙක්ව අවුරුදු ගාණක ඉඳන් රහසක් විදිහට හිර කරගෙන ඉන්නවා. ඉතිං මේ රිචඩ් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයා නාසි යුගයේ ඉඳන් පැවත එන, අද්භූත බලයන් තියෙන, ලේ පිපාසිත යක්ෂයෙක් වගේ කෙනෙක්! ඒවගේම මේක R-rated ෆිල්ම් එකක්. මේකට මේ Rating එක ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි මෙකේ තියෙන දරුණු ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් සහිත දර්ශන. ඒ නිසා මේක බාලවයස්කාර අයට වඩා වැඩිහිටියන්ට තමයි ගැලපෙන්නේ. සමහර දර්ශන නම් සංවේදි අයට බලන්නත් අමාරුයි. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!