XStream.lk

Highlander II: The Quickening

HD 100 min 1991

Highlander II: The Quickening

4.7

කොහොමද යාලුවනේ, ඔන්න මම මගේ 157 වැනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන ආවේ සිනමා ලෝකයේ සුවිශේෂී විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක තවත් එක් දිගුවක්. ඒ තමයි 1991 අවුරුද්දේ තිරගත වුණු “Highlander II: The Quickening” චිත්‍රපටය. මේ වෙද්දි Highlander චිත්‍රපට මාලාවේ චිත්‍රපට 5ක් නිකුත් වෙලා තියෙනවා. ඒකෙන් එක් චිත්‍රපටයකට වෙනත් සහෝදරයෙක් කලින්ම බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා දීලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන චිත්‍රපට හතරෙන් මම ඔයාලට අරගෙන එන පළමුවැන්න තමයි මේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන, මේ චිත්‍රපට මාලාවේ අලුත්ම අලුත් චිත්‍රපටයකුත් (Reboot එකක්) ඉතාමත් ළඟදීම එන්න නියමිතයි. ඉතින් ඒ අලුත් ෆිල්ම් එක එන්න කලින් මේ පරණ චිත්‍රපට ටික බලලා කතාව ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. මේ චිත්‍රපට මාලාව ගැන මීට කලින් අහලා නැති, මේක බලන්න අලුතෙන් එකතු වෙන අයට සරලවම පැහැදිලි කිරීමක් කළොත්; “හයිලැන්ඩර්” (Highlander) කියන්නේ අමරණීය මිනිසුන් කොට්ඨාසයක් ගැන කියවෙන කතාවක්. මේ අයට වයසට යන්නේ නැහැ, සාමාන්‍ය ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. එයාලා මැරෙන්නේ එයාලගේ හිස ගසා දැම්මොත් විතරයි. මේ අමරණීය අය සියවස් ගණනාවක් පුරා සාමාන්‍ය මිනිස්සු අතරේ හැංගිලා ජීවත් වෙනවා. එයාලගේ එකම අරමුණ තමයි අන්තිමට ඉතුරු වෙන අමරණීය පුද්ගලයා වෙලා, ලෝකයේ තියෙන අතිමහත් බලයක් (The Prize) ලබා ගන්න එක. මේ අයගේ ප්‍රධානම නීතිය තමයි “There can be only one” (ඉතුරු වෙන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි) කියන එක. කොනර් මැක්ලවුඩ් (Connor MacLeod) කියන්නේ මේ කතාවේ ඉන්න ප්‍රධානම අමරණීය වීරයා. මේ දෙවැනි චිත්‍රපටයේ කතාව ගැන කිසිම ස්පොයිල් කිරීමක් නැතුව කෙටියෙන් කිව්වොත්, කතාව සිද්ධ වෙන්නේ අනාගතයේදී. ඒ කියන්නේ 2024 වසරේදී (චිත්‍රපටය හැදුවේ 1991 නිසා ඒ කාලෙට 2024 කියන්නේ අනාගතය). මේ වෙද්දි පෘථිවියේ ඕසෝන් ස්ථරය විනාශ වෙලා නිසා මුළු පෘථිවියම විශාල කෘතිම පලිහකින් තමයි ආවරණය කරලා තියෙන්නේ. මේ පලිහ හදන්න මූලික වුණෙත් අපේ ප්‍රධාන වීරයා වෙන කොනර් මැක්ලවුඩ්. දැන් ඔහුට තමන්ගේ අමරණීය බලය අහිමි වෙලා, වයසට ගිය සාමාන්‍ය මනුස්සයෙක් විදියට තමයි ජීවත් වෙන්නේ. හැබැයි නොහිතපු විදියට ඔහුගේ අතීතයේ හිටපු දරුණුම හතුරෙක් ඔහුව හොයාගෙන එනවා. මේ නිසා කොනර්ට නැවතත් තමන්ගේ අමරණීය බලය ලබාගෙන සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකය වහගෙන ඉන්න මේ පලිහ පිටිපස්සේ තියෙන ලොකු කුමන්ත්‍රණයක් ගැනත් මේ කතාවෙන් දිගහැරෙනවා. ක්‍රිස්ටෝෆර් ලැම්බර්ට් සහ සුපිරි නළු ෂෝන් කොනරි මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම වලට කැමති අයට කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් මේ චිත්‍රපටයත් අරගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මම ඊළඟට අරගෙන එන හයිලැන්ඩර් ඊළඟ චිත්‍රපටයෙන් ඉක්මනින්ම හමුවෙමු!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie