අද මට ගොඩක් විශේශ දවසක්. මම සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් ආපු ගමනේ 100 වෙනි සිංහල උපසිරැසිය තමයි මේ විදිහට මම අරගෙන එන්නේ. මේ 100 වෙනි සබ් එක ගැන කතා කරන්න කලින්, මට මේ ගමන එන්න හයියක් වුණු මගේම පිරිසක් ඉන්නවා. මුලින්ම ඒ අයට මගේ හදවතින්ම ස්තුති කරන්න ඕනේ. විශේෂ කෘතඥතාව සහ ස්තුතිය මගේ මේ සබ් 100 ගමන පිටුපස ඉඳන් මාව ශක්තිමත් කරපු මේ අය නැත්නම් මම අද මෙතන නැහැ: සමිත අයියා (Admin): Cineru සයිට් එකේ ඇඩ්මින් විදිහට මට මේ අවස්ථාව දීලා, මාව හැමවෙලේම දිරිමත් කරපු එකට සමිත අයියට ගොඩක් ස්තුතියි. උචිනි අක්කා (2nd Admin): මගේ හැම වැඩකදීම මට දුන්න සහයෝගයයි, මගපෙන්වීමයි ඇත්තටම මට ගොඩක් වටිනවා. නෙත්මිර දසිඳු: සබ් එකක් කරන විදිහේ ඉඳන් ඒකේ තියෙන හැම ටෙක්නිකල් පැත්තක්ම මුල ඉඳන්ම මට ඉවසීමෙන් කියලා දුන්නේ මෙයා තමයි. දසිඳු නැත්නම් මම සබ් කරන්න ඉගෙන ගන්නේ නැහැ. මගේ පවුලේ අය: 11 වසරේ විභාග වැඩ අස්සේ මම නිදි මරාගෙන සබ් කරනකොට මට කරදර නොකර, මගේ වැඩේට ඉඩ දීපු අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි. ඇත්තටම මම උපසිරැසි ගැන්වීමට ආපු එක ගැන අද ගොඩක් සතුටු වෙනවා. මොකද මම සබ් කරන්න ගත්තට පස්සේ මට ගොඩක් හොඳ යාළුවෝ පිරිසක් හම්බවුනා. ඒ යාළුකම් තමයි මාව අද මේ සබ් 100 දක්වා අරන් ආවේ. මාව අගය කරපු, මගේ වැරදි පෙන්නලා දීපු ඒ හැම යාළුවෙක්වම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. මගේ 100 වැනි නිර්මාණය විදිහට මම තෝරාගත්තේ හැමෝම ආසාවෙන් බලන Horror සිනමා ඉතිහාසයේ දැවැන්තයෙක් වෙන Scream 7 ෆිල්ම් එකයි. Scream 7: ආරම්භයේ ඉඳන්ම පිස්සු හැදෙනවා! (The Plot) ෆිල්ම් එක පටන් ගන්නෙම ඇඟ හීතල වෙලා යන සීන් එකකින්. කපල් එකක් කාර් එකකින් එනවා කලින් මිනීමැරුම් සිද්ධ වුණු පරණ ගෙදරකට. උන් දෙන්නා එතන ඉන්නකොට ගෙදර තියෙන පරණ ෆෝන් එකට කෝල් එකක් එනවා. එහා පැත්තේ ඉන්නේ අර සුපුරුදු ප්‍රශ්න අහන මිනීමරු හඬමයි! මේක කවුරු හරි කරන විහිළුවක් කියලා හිතලා මුන් දෙන්නා ප්‍රශ්නවලට උත්තර දීලා ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ කෙල්ල දකිනවා Ghostface ගේ ඇතුළේ ඉන්නවා! බය වෙච්ච කෙල්ල කොල්ලට මේක කිව්වම, ඌ ගිහින් බලද්දී තමයි දන්නේ මේක සෙන්සර් (Sensors) වලින් වැඩ කරන රොබෝ එකක් වගේ සීන් එකක් කියලා. ඒක විහිළුවක් කියලා හිතලා මුන් දෙන්නා හිනා වෙනවා විතරයි… එකපාරටම කොහෙන් ආවාද කියලා හිතාගන්න බැරි විදිහට සැබෑ මිනීමරුවා මුන් ඉස්සරහට එනවා! අන්තිමේදී ඒ දෙන්නාටම අත්වෙන්නේ දරුණු ඉරණමක්. මුළු ගෙදරටම ගිනි තියලා Ghostface එතනින් මාරු වෙලා යනවා. මේ ලේ වැකි ආරම්භයෙන් පස්සේ Ghostface ගේ ඊළඟ ටාගට් එක වෙන්නේ Sidney Prescott (Neve Campbell). මෙවර මිනීමරුවා සිඩ්නිගේ පවුලම ඉලක්ක කරන්නේ ඇයි? සිඩ්නිගේ අතීතයේ රහස මොකක්ද? අන්න ඒ රහස මොකක්ද කියලා දැනගන්න නම්, ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා! රංගනය සහ තාක්ෂණික තොරතුරු ප්‍රධාන රංගනය: Neve Campbell, Courteney Cox, Isabel may. අධ්‍යක්ෂණය: Kevin Williamson (Scream ලෝකයේ නිර්මාතෘ). IMDb අගය: 5.7/10. ධාවන කාලය: පැය 1.49යි ප්‍රභේදය: Horror / Slasher / Mystery. එහෙනම් Scream 7 බලලා, ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ජය වේවා…