XStream.lk

Joji

HD 113 min 2021

Joji

7.5

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ 2021.04.07 වෙනි දින Amazon Prime හරහා නිකුත් වූ Crime ගණයට අයත් Joji (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය අරගෙනයි. ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය අනුසාරයෙන් නිර්මාණය කරන ලද Joji (2021) වෙනකොට 2261 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 8.3/10 ඉහල අගයක් වගේ 95% ක ඉහල ගූගල් පරිහීලක හිමිකර ගන්න Joji (2021) සමත් වෙලා තියෙනවා. ජෝජි, Maheshinte Prathikaaram (2016), Thondimuthalum Driksakshiyum (2017) සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂක Dileesh Pothan ගේ නවතම අධ්‍යක්ෂණය වගේම Kumbalangi Nights (2019), Maheshinte Prathikaaram (2016) වැනි සිනමා නිර්මාණයන්හි තිර රචක Syam Pushkaran ගේ තිර රචනයක් වෙනවා. Dileesh Pothan එක්ක Syam Pushkaran කියන්නේ මොනතරම් සාර්ථක සුසංයෝගයක්ද කියල ඔවුන්ගේ පෙර සිනමා නිර්මාණ දිහා බැලුවම හිතා ගන්න ‌පුළුවන් වගේම Joji (2021) කොයිතරම් දුරට සාර්ථක නිර්මාණයක්ද කියලා කියන්න තව වර්ණනා අවශ්‍ය වෙන්නෙ නැතිවෙයි. තවද මෙම නිර්මාණයේ ‘ජෝජි’ කියන චරිතය වෙනුවෙන් මලයාලම් සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පී Fahadh Faasil අති දක්ෂ රංගනයක නිරත වෙනවා. තමන්ගේ රංගන ජීවිතේ තුල සිදුකළ අසීරුම රංගනයක් විදියට Fahadh Faasil ජෝජි කියන චරිතය හදුන්වලා තියෙනවා. ඒ වගේම Baburaj, Joji Mundakayam, Sunny PN , Unnimaya Prasad , Shammi Thilakan ඇතුළු බොහෝ පිරිසක් මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. විචාරක වෙබ් අඩවි වලින් Joji (2021) වෙනුවෙන් හිමිවූ ප්‍රතිචාරයන්. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙන පී.කේ. කුට්ටප්පන් ගේ දේපළ සම්බන්ධයෙන් කුට්ටප්පන්ගේ පුත්තු තුන්දෙනා, ජෝමොන්, ජේසන් වගේම බාල පුතා ජෝජි අතරෙ ඇති වෙන ගැටුම් වගේම බොහොම සැර පරුෂ තාත්තාගේ ආධිපත්‍ය හමුවේ වයසින් මුහුකුරා ගිය පුත්තු තුන්දෙනාගේ ජීවිත වලට සිදුවෙන බලපෑම චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්. දේපළ දරුවන්ගේ පාලනයට නතු කරන්න අකමැති තාත්තාට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. එහෙනම් මේ මලයාලම් මැජික් එකත් බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් සිංහල උපසිරැසියකින් හම්බ වෙමු.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Door Lock
102 min 2018

Door Lock

Thriller Movie
The Killer
118 min 2023

The Killer

Crime Movie
IPL
127 min 2025

IPL

Crime Movie
Marco
145 min 2024

Marco

Action Movie
Sew Torn
100 min 2025

Sew Torn

Thriller Movie
Kill Bill: The Whole Bloody Affair
253 min 2011

Kill Bill: The Whole Bloody Affair

Action Movie
Shelter
108 min 2026

Shelter

Action Movie
Project Y
109 min 2026

Project Y

Crime Movie