XStream.lk

The Killer

HD 118 min 2023

The Killer

6.6

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුන යම් කතා බහකට ලක් වුණ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය එහෙම යම් කතා බහකට ලක්වුණේ ප්‍රධාන වශයෙන් එකම එක හේතුවක් නිසයි, අන්න ඒ හේතුවම තමයි මං මේකට උපසිරැසි කරන්නත් බාරගත්තේ. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, ඔහු නමින් David Fincher. නම එහෙම වැඩි මතකයක් නැද්ද? එහෙනම් ඔයාලට අනිවාරෙන් මතක ඇති Fight Club (1999), Seven (1995), Gone Girl (2014), Zodiac (2007) මේ චිත්‍රපට ටික. චිත්‍රපට රසිකයෙක් නම් මේවා එකක් හරි නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, නේද? අන්න ඒ චිත්‍රපට අධ්‍යෂනය කරේ ඔහු තමයි. හැබැයි මේ ෆිල්ම් එක ටිකක් විශේශයි. මොකද මේකෙ කතා තේමාවට වඩා මුල් තැන අරගෙන තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය වෙන වෘතිමය ඝාතකයා ගැනයි. ඝාතකයෙක් වුණාම කොහොමද වැඩ කරන්න ඕනෙ, සැලසුමෙන් පිට ගියොත් වෙන දේවල්, ඔවුන් පිළිපදින්න ඕනෙ නීති මොනවද, ඒවා කඩ කොළොත් ඇතිවෙන ප්‍රතිවිපාක මොනවද යන්න තමයි මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වා දෙන්නේ. ඉතිං කවුරු හරි කැමති නම් වෘතිමය ඝාතකයෙක්ගෙ කෝණයෙන් පැය දෙකක් පුරාවට චිත්‍රපටයක් නරඹන්න මේක තියෙන්නේ ඔබ වෙනුවෙනුයි. මේ චිත්‍රපටය සිනමාශාලාවල්(සීමිත) වලට නිකුත් වෙන්නේ ඔක්තෝම්බර් 27 වෙනිදා. ඒත් මේක හරියටම ලොව පුරා නිකුත් වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සේවාව හරහායි. ඒ අනුව මේ ෆිල්ම් එකට මේ වෙනකොට මනාප 90,000 අධික ප්‍රමානයකින් IMDb 6.9 අගයක් සහ කුණු තක්කාලි 85% ගන්න හැකි වෙලා තියෙනවා. මෙයට රංගනයෙන් දායක වෙනවා Michael Fassbender / Arliss Howard / Charles Parnell / Kerry O’Malley / Sala Baker / Sophie Charlotte / Tilda Swinton යන අය. මේකෙ කතාව ගැන මතක් කලොත්, කොතනම තැනකවත් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ඝාතකයාගෙ හරි නමක් කියවෙන්නෑ. මේක පටන් ගන්නේ පැරීසියෙන්. ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු කරන මෙහෙයුමත් සමගින්. ඝාතකයා මහල් නිවාසෙකට වෙලා බලන් ඉන්නවා ඔහුගේ ඉලක්කෙ පැමිණෙන කල්. මෙහෙම සතියක් පමණ පුරාවට බලන් සිටියාට පසුව ඔහුගේ ඉලක්කය පැමිණෙනවා. ඉතිං මොහු ඔහුගේ ස්නයිපර් රයිෆලය අරන් ඉලක්කයට වෙඩි තියනවා. ඔන්න ඔහුගේ ජීවිතේට කවදාවත් සිදුවෙලා නැති සිදුවීමක් මෙතනදි වෙනවා. ඒ සිදුවීමෙන් මේ ඝතකයා මෘගයෙක් කරවන ජාතියේ භයානක ප්‍රතිවිපාක ඇති වෙනවා. මෙතන ඉදන් අපිට කුපිත වුණ ඝාතකයාගෙ ක්‍රියාදාම සහ සූක්ෂම සැලසුම් ඔහුගෙ කෝණයෙන්ම දැක ගැනීමට පුළුවන් වෙනවා. එහෙනම් මෙච්චරයි චිත්‍රපටය ගැන කියන්න යන්නේ. සුපිරිම Thriller/Crime කාන්ඩයේ චිත්‍රපටයක් බලන්න ඔයාලත් කැමති නම් මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Door Lock
102 min 2018

Door Lock

Thriller Movie
Joji
113 min 2021

Joji

Drama Movie
IPL
127 min 2025

IPL

Crime Movie
Marco
145 min 2024

Marco

Action Movie
Sew Torn
100 min 2025

Sew Torn

Thriller Movie
Kill Bill: The Whole Bloody Affair
253 min 2011

Kill Bill: The Whole Bloody Affair

Action Movie
Shelter
108 min 2026

Shelter

Action Movie
Project Y
109 min 2026

Project Y

Crime Movie