XStream.lk

Sew Torn

HD 100 min 2025

Sew Torn

7.0

අපේ ජීවිත පිරිල තියෙන්නෙ "තේරීම්" වලින්. හැම තප්පරයකම තේරීම්. උදාහරණයක් විදිහට අපිට කවුරුහරි බනිනව නම් අපි මොකද කරන්නේ? පෙරලා බනිනවද? ගහනවද? නැත්නම් මරනවද? පාඩුවෙ මගහැරල යනවද? ඔය වගේ තේරීම් ගොඩයි. අපි ඒ තේරීම කරන තප්පරය, අපේ ජීවිතය කොච්චර වෙනස් කරයිද? ඒ වගේ අවස්ථාවකට පොඩි ටේලර් ෂොප් එකක් පවත්වාගෙන යන, ජංගම මැහුම් ශිල්පිනියක් වන, බාබර ඩගන්ස් මුහුණ දෙනවා. ඇය පාරෙදි දකිනවා අපරාධ සිද්ධියක්. දෙන්නෙක් බරපතල තුවාල සහිතව වැටිල ඉන්නවා. පෙරලුනු මෝටබයික් තියෙනවා. පාරෙ තුවක්කු, මත් කුඩු පාර්සල් සහ සල්ලි පිරුණු බ්‍රීෆ්කේස් එකක් තියෙනවා. ඇයට මොනවද තියෙන තේරීම්. ඇය මොන තේරීම කලත් මේ සීන් එක දැකපු නිසා, ඇය මේ ජාවාරම් සිද්ධියට පැටලිලා ඉවරයි. ඇය කරන තේරීම්, ඇයව මොන මොන අවසානයන් දක්වා අරන් යයිද? අපේ විවිධ තේරීම් අපේ ජීවිත වලට බලපාන හැටි ගැන කතා බහ කරන Crime / Thriller / Comedy වර්ගයේ චිත්‍රපටයක් තමයි Sew Torn. මුලින්ම සිනමාශාලා වලට නිකුත් කෙරුනේ 2025 මැයි 09 ඇමරිකාවේදී. මේක විනාඩි 90 ක ධාවන කාලයක් සහිත, ටොමැටෝ මීටරය 95% කට කරකවන්න සමත්වුනු, ඇමරිකන් / ස්විස්ටර්ලන්ත සම නිෂ්පාදනයක්. රංගනයෙන් එකතු වෙනවා Eve Connolly (බාබරා), Calum Worthy (ජෝෂුවා), John Lynch (හඩ්සන්), K. Callan (මිස් එන්ගල්) සහ Caroline Goodall (ග්‍රේස්). බාබරා දක්ෂ මැහුම් කාරියක්. නූල් සහ ඉඳිකටු ඇයට සෙල්ලම් බඩු. ඇගේ මේ පණ බේරාගන්න කරන අරගලයේදී ඇය ඇගේ මැහුම් හැකියාව, නූල් සූත්තර පාවිච්චියට ගන්නා අරුම පුදුම ආකාරය දැකගන්නට ආරාධනා කරමින් නවතින්නම්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie