සුභ දවසක් වේව ඔක්කොටම. ඔන්න කොරියන් ත්‍රිලර් භාණ්ඩෙකට උපසිරැසි අරගෙන ආව. මමත් ඉස්සර කොරියන් බලපු කෙනෙක් නම් නෙවෙයි ඒත් බලපු දෙක තුන නිසාම එකකට උපසිරැසියක් කරන්නත් හිතුන. එහෙනම් අපි බලමු ෆිල්ම් එක ගැන. මේක දකුණු කොරියාවෙ නිෂ්පාදනය උන Drama/Thriller කියන ඛාණ්ඩයට අයත් වෙන 2018 දෙසැම්බර් 05 වෙනි දින තිරගත උන, ධාවන කාලය පැය 1 යි විනාඩි 43 කින් සමන්විත ෆිල්ම් එකක්.. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Lee Kwon කියන අධ්‍යක්ෂක තුමා. මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් හැටියට සඳහන් වෙනව. මේකට ලැබිල තියන ප්‍රතිචාර නම් අති ඉහළයි. සාමාන්‍යෙන් ෆිල්ම් එකකට හෝ කතා මාලවකට අඩුම අගයක් ලබාදෙන මාදලිය වශයෙන් Rotten Tomatoes ප්‍රසිද්ධයිනෙ ඒත් හැබැයි මේ චිත්‍රපටියට 100% ක අගයක ලැබිල තියෙනව. ඒ වගේම 6.2/10 ක අගයක් IMDb දර්ශකයෙන් ලැබිල තියනව. ඉතින් දැන් බලමු මේ කතාව ගැන… මේකෙ කියුං මින් (Gong Hyo‑jin) වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. මෙයා තනියම Flat එකක ජීවත් වෙන කෙනෙක්. මේ ගෙවල් වල තීන්නෙ අලුත්ම Security System එකක්. මේකෙ දොරවල් අගුල් සඳහා තියෙන්නෙ පාස්වර්ඩ් එකකින් සමන්විත අගුල. ඉතින් සාමාන්‍ය යතුරු වලි තිබෙන අගුල් වලට වඩා මේවයෙ ආරාක්ශාව වැඩියිනෙ නේද. ඒත් මෙයාට දැනෙනව කවුරුහරි මෙයාට හොරෙන් මේ ගෙදර ඉන්නව කියල.. කාට උනත් ඒ වගේ තනියම ඉන්නකොට ඔය වගේ දෙයක් ඇති උනහම ලොකු බියක් ඇති වෙනවනෙ. මෙයා නිතරම තමන්ගෙ දොර අගුලෙ පාස්වර්ඩ් එක මාරුත් කරත් මෙයාට දිගටම මේක දැනෙනව. ඉතින් ඔහ්ම කතාව ගෙවීගෙන යනකොට් මිණී මැරුම්ක් කිහිපයකුත් සිද්ධ වෙනව. මොකද වෙන්නෙ?, කොහොමද වෙන්නෙ?, කවුද මේව කරන්නෙ?, කියල ඔයාලම බලන්නකො එහෙනම්…