ආයුබෝවන්. ඊයෙ OTT නිකුත් කල අළුත්ම බ්ලොක් බස්ටර් චිත්‍රපටයෙ උප සිරැසිය අද ගෙන එනවා. මේකෙ උප සිරැසිය කරන්න මූලික හේතුව ඒක බොක්ස් ඔෆිස් වලින් ලබා ගත් සාර්ථකත්වය. 2024 මලයාලම් සිනමාව පටන් ගත්තෙ බොක්ස් ඔෆිස් පෙරහැරකින්. අවසාන කරන්නෙත් ඒ වගේම බොක්ස් ඔෆිස් පෙරහැරකින්. එතකොට මේක දෙසැම්බර් 20 දා තිර ගත වෙලා කෝටි 115ක ආදායමක් ලොව පුරා උපයපු භාෂා 5කින් තිට ගත කරන ලද පෑන් ඉන්දියන් චිත්‍රපටයක්. ඉතින් මේක ඇක්ෂන් චිත්‍රපටයක් කියල සේරම දන්නවානේ. චිත්‍රපටය පුරාම action + violence තමයි තියෙන්නෙ. ඉතිං මම කියන්නෙ මේවට කැමති අය විශේෂයෙන් ලේ දකින්න කැමති අය මේක බලන්න. මේකෙ තියෙන ඇක්ෂන් වලට ඔයාල ගොඩක් කැමති වෙයි. 2019 නිකුත් උන නිවින් පෝලි සහ උන්නි මුකුන්දන් රඟ පෑ Mikhael නම් චිත්‍රපටයේ spinoff එකක් හැටියටයි ඒ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය කල Haneef Adeni විසින් මේ චිත්‍රපටයත් අධක්ෂනය කරන්නෙ. උන්නි මුකුන්දන් තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. සිද්දික්, ජග්දීශ්, ශම්මි තිලකන් සහ කබීර් දුහාන් සිං මෙහෙ අනිත් ප්‍රධාන නළුවන්. මම කතාව කියන්න යන්නෙ නෑ. මම නම් ලේ දකින්න කමති නෑ. ඒ නිසා ඔයාලම බලන්න. නැවත ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු