යේ සූල්, ඩෝ කියුන්ග් සහ මී සන් කියන්නේ හ්වාජූං (Hwajoong) මාර්කට් එකේ අඳුරු ජීවිත ගතකරන තුන්දෙනෙක්. යේ සූල් තමන්ගේ ජීවිත කාලෙම දුක් විඳලා හොයපු සල්ලිවලින් ගෙයක් ගන්න ගිහින් ‘චෝයි’ කියන වංචාකාරයාට අහුවෙලා සල්ලි ඔක්කොම නැති කරගන්නවා. මේ සල්ලි ආපහු හොයන්න හිතාගෙන ඩෝ කියුන්ග් පාතාලයේ ලොක්කෙක් වෙන ‘බ්ලැක්ජැක්’ සම්බන්ධ වුණු රහස් බාස්කට්බෝල් ඔට්ටුවකට සල්ලි දාලා ඒකෙනුත් සම්පූර්ණයෙන්ම නැතිකරගන්නවා. වෙන කරන්නම දෙයක් නැති තැන, මේ තුන්දෙනා තීරණය කරනවා බ්ලැක්ජැක් කනත්තක හංගලා තියෙන 700,000කට වඩා වටින රත්තරන් සහ සල්ලි ටික හොරකම් කරන්න. ඒත් මේ වැඩේ එයාලා හිතන තරම් ලේසි වෙන්නේ නෑ. තමන්ගේ සල්ලි හොරකම් කරපු උන්ව හොයාගෙන බ්ලැක්ජැක් සහ එයාගේ දරුණුම ගෝලයා වෙන ‘බුල්’ මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ජීවිතේ බේරගන්න සටන් කරන ගමන් මේ තුන්දෙනාට රත්තරන් ටිකත් අරන් පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් බ්ලැක්ජැක්ගෙන් අමානුෂික විදිහට මැරුම් කන්න වෙයිද? පාවාදීම්, කෑදරකම සහ ජීවත් වෙන්න දරන අරගලය ගැන කියවෙන ත්‍රාසය සහ කුතුහලය පිරිච්ච මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. උපසිරසිය ගැන ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න. ෆිල්ම් එක බලලා ෆන් එකක් ගන්න. ජය වේවා! මේ උපසිරැසියට අදාල වීඩීයෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන් *-* ජය ශ්‍රී *-*