XStream.lk

No Tail to Tell

HD 2026

No Tail to Tell

8.7

Human From Today – අද ඉඳන් මම මනුස්සයෙක් – ඔනල්බුතො ඉන්ගනිම්නිදාමන් “අවුරුදු ගාණක් තිස්සෙ මනුස්සයෙක් වෙන්න පෙරුම් පුරන ගුමිහෝලව අපි දැකලා තියෙනවා.. ඒත් කවුද හිතුවෙ මනුස්සයෙක් වෙන්න අකමැති ගුමිහෝ කෙනෙක් ගැන.. තමන්ගෙ පාඩුවෙ තරුණකම රැකගෙන ඉන්න හදන ගුමිහෝ කෙනෙක්ට, තමන් නොහිතපු වෙලාවක.. මනුස්සයෙක් වෙන්න සිද්ධ වුනොත්?” යමු කතාව මොකක්ද? විස්තර මොනාද කියලා දැනගන්න? SBS නාලිකාව හරහා ජනවාරි 16 වෙනි සිකුරාදා දින සිට නිකුත් වුන No Tail to Tell කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නෙ Love to Hate You වගේ රොමෑන්ටික් කතා ලස්සනට කරපු Kim Jung Kwon අධ්‍යක්ෂකවරයා විසින්. Park Chan-young ඒවගේම Jo Ah-young කියන ලේඛකයන් දෙපළ තමා මේ වෙනස්ම විදිහේ කතාව ලියලා තියෙන්නෙ. Rom-Com, Fantasy කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක, අපි හැමදාම දකින ගුමිහෝ කතාවලට වඩා හාත්පසින්ම වෙනස්, සිනහව, කුතුහලය පිරුණු අපූරු නිර්මාණයක්. Kim Hye-yoon, Lomon (Park Solomon) වගේම Lee Si-woo, Jang Dong-joo තමා ප්‍රධාන චරිතවලින් රංගනයට එකතුවෙන්නෙ. Kim Hye-yoon ගැන කිව්වොත් ඉතින් Lovely Runner එකේ ‘ඉම් සොල්’ කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. Extraordinary You එකෙත් එයාගෙ දඟකාර-හුරතල් ගතිය අපි දැක්කනෙ. මේ පාර එයා එන්නෙ මනුස්සයෙක් වෙන්න අකමැති, හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන ගුමිහෝ කෙනෙක් විදිහට. Lomon ගැන කිව්වොත් All of Us Are Dead, Revenge of Others වගේ ඩ්‍රාමා වලින් අපි දැක්ක දක්ෂයා, මේ පාර එන්නෙ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට. එයාගෙ උද්දච්චකමයි, අපේ ගුමිහෝ කෙල්ලගෙ දඟකාරකමයි එකතු වුනාම කොහොම තියෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කතාව මොන වගේ පැත්තකටද යන්නෙ කියලා මං මුලින්ම පොඩි හෝඩුවාවක් දුන්නනෙ. තව පොඩ්ඩක් විස්තර ඇතුව දැනගමුකො එහෙනම්.. අන්-හෝ කියන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරන එක රස්සාවක් විදිහට කරන, හැබැයි “මම නම් කවදාවත් මනුස්සයෙක් වෙන්නෙ නෑ” කියලා තදින්ම හිතාගෙන ඉන්න, ලෝකෙ ගැන ටිකක් කලකිරීමෙන් ඉන්න ගුමිහෝ කෙනෙක්. ම්යෝහ්යං කන්දේ ඉඳන් සියවස් ගාණක් තිස්සෙ මනුස්සයෙක් වෙන්න පෙරුම් පුරපු එයා, අන්තිමට තීරණය කරනවා “මට මනුස්සයෙක් වෙන්න ඕන නෑ” කියලා. හැබැයි, තමන් ගැන විතරක් හිතන උද්දච්ච, ඒත් හිත ඇතුලෙන් හොඳ පාපන්දු තරුවක් වෙන කං සි-යොල් එක්ක වෙන හදිසි අනතුරක් නිසා අන්-හෝ එකපාරටම සාමාන්‍ය මනුස්සයෙක් බවට පත් වෙනවා. වැරදිච්ච එක ප්‍රාර්ථනාවක් හින්දා මේ දෙන්නා අතරෙ අමුතුම, අවුල් ජාලාවක් වුන ආදර කතාවක් පටන් ගන්නවා. මොකද ආදරේ කියන දේ කවදාවත් එයාගේ සැළැස්මෙ තිබුන දෙයක් නෙවෙයි. සි-යොල් කියන්නෙ Thames FC එකේ ප්‍රධාන ස්ට්‍රයිකර් (ප්‍රහාරකයා). එයා කණ්ඩායමක් එක්ක එකතුවෙලා වැඩ කරන්න ගැලපෙන්නෙ නැති චරිතයක් වුනත්, පරදින්න යන කණ්ඩායමක් වුනත් තනියම කරේ තියාගෙන දිනවන්න පුලුවන් තරම් දක්ෂයෙක්. පිටින් දිලිසුනාට එයාගෙ ජීවිතේ හරිම ඒකාකාරී, රූටින් එකකට යන ජීවිතයක්. හැබැයි අන්-හෝ මීට අවුරුදු නමයකට කලින් එයාට දීපු අද්භූත බිස්නස් කාඩ් එකක් හින්දා ආපහු හම්බුනාම එයාගේ මේ සමබර වෙලා තිබ්බ ජීවිතෙත් කණපිට හැරෙනවා. දෛවයේ සරදමකට ඒවගේම අර වැරදුනු ප්‍රාර්ථනාව නිසා මේ දෙන්නට එකට පැටලෙන්න සිද්ධ වෙනවා. රණ්ඩු වෙවී යාලු වෙන, කටට කට ගහන දෙබස් තියෙන, වැරදි වැටහීම් පිරුණු, එයාලා “අපෝ නෑ” කිව්වට දෙන්නා අතරේ ආදරේ ගිනි පුපුරු විසිවෙන love-hate සම්බන්දයක් ගොඩනැගෙනවා. මේ අද්භූත සිදුවීම් සහ ඇත්ත හැඟීම් එකිනෙක ගැටෙද්දි, මේ දෙන්නට තේරෙනවා කඩන්න අමාරුම නීති ටික තමා තමන්ගේ හිත ඉල්ලන දේවල් නිසා කැඩෙන නීති කියලා. මනුස්සකමට වඩා තමන්ගේ පාඩුවෙ ගෙවන ජීවිතේ තෝරගත්ත අන්-හෝගෙ පිළිවෙලට තිබ්බ ලෝකෙ, සි-යොල් ව මුණගැහුනට පස්සෙ ලෙහා ගන්න බැරි අවුල් ජාලාවක් වෙන්න පටන් ගන්නවා. එයාට ආපහු ගුමිහෝ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? පාපන්දු ක්‍රීඩකයා එක්ක එයාගෙ තියෙන සම්බන්දෙ මොකක්ද? ඇයි දෛවය එයාට මෙහෙම කලේ? එයාට ආපහු එයාගෙ තරුණකම ගන්න පුලුවන් වෙයිද? මේ කියන ප්‍රශ්නවලට වගේම කතාව බලද්දි කුතුහලය, ආදරය ඒවගේම හිනාව අතරෙ අපිට දැනෙන හැඟෙන දේ බොහෝමයි.. එහෙනම් වෙනස්ම රසයක, ලස්සන කොරියානු කතාමාලාවක් හිනාවෙවී බලාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. සටහන ලිව්ව මම : උචිනි පෙරේරා

0 comments
Log in to comment !

No comments yet!

An Inevitable Event

Season 1 Episode 1

The Hour of Transfer

Season 1 Episode 2

The Rise and Fall

Season 1 Episode 3

The Price of Good Deeds

Season 1 Episode 4

The Changer, the Changed, and the Lacking

Season 1 Episode 5

The False Kindness

Season 1 Episode 6

The Revenge of Memory

Season 1 Episode 7

The Hobby Called Love

Season 1 Episode 8

Episode 9

Season 1 Episode 9

Episode 10

Season 1 Episode 10

Recommended For You

Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
Spring Fever
2026

Spring Fever

Comedy TV Show
To My Beloved Thief
2026

To My Beloved Thief

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show