XStream.lk

Taskaree: The Smuggler's Web

HD 2026

Taskaree: The Smuggler's Web

7.2

සුභ දවසක් හැමෝටම! අද මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ අලුතින්ම නිකුත් වුණු Crime, Thriller කුතුහලය පිරුණු රසිකයන්ට මගහැරගන්නම බැරි අතිශය ඇබ්බැහිවන සුළු වෙබ් කතාමාලාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොරුයි පොලිසියයි අතර තියෙන සටනට වඩා එහා ගිය, ගුවන් තොටුපොළක රේගු නිලධාරීන් සහ මහා පරිමාණ ජාවාරම්කරුවන් අතර සිදුවන සූක්ෂම බුද්ධිමය සටන ඉතාම තාත්විකව මේ කතාමාලාව පුරාවට දිගහැරෙනවා. එහෙනම් කතා මාලාව හා බැඳුනු අනිකුත් විස්තරය දෙසට අවදානය යොමුකරමු. නීරාජ් පාන්ඩේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ Special 26, A Wednesday, Baby, Special Ops වගේ කුතුහලය පිරි තිබු නිර්මාණනේ. ඉතින් එතුමාගේ අධ්‍යක්ෂණයෙන් 2026 ජනවාරි 14 වැනිදා නිකුත් වූ මේ වෙබ් කතාමාලාවත් ඒ හා සමානයි. මොහොතකටවත් ඇස් ඉවතට ගන්න බැරි විදියේ කතාවක් කියලා බය නැතුව කියන්න පුළුවන්.මෙම වෙබ් කතාමාලාවේ ප්‍රධාන චරිත සඳහා ඉම්රාන් හෂ්මි, ශරද් කේල්කාර් සහ නන්දිශ් සන්ධු යන රංගන ශිල්පීන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. 2026 ජනවාරි 14 වැනිදා නෙට්ෆිලික්ස් ඔස්සේ මුදා හැරුණු මෙම නිර්මාණය මේ වන විට IMDB දර්ශකයේ 7.6 ක වැනි ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් අනවශ්‍ය වීරකම්වලට වඩා සැබෑ ලෝකයේ රේගු වැටලීම් සහ ජාත්‍යන්තර ජාවාරම් සිදුවන ආකාරය ඉතාම සියුම්ව කුතුහලය පිරුණු කතාංග කිහිපයකින් ඉදිරිපත් කර තිබීමයි. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කියන්නේ දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන විශාල පර්යන්තයක්. මේ ජනාකීර්ණ බවට මුවා වෙලා රත්තරන් සහ මත්ද්‍රව්‍ය වැනි තහනම් ද්‍රව්‍ය රට තුළට රහසින් ගෙන එන ජාවාරම්කරුවන්ගේ මහා පරිමාණ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මෙහි මහමොළකරු වෙන්නේ බඩා චෞද්රි නම් වූ ජාවාරම්කරුවෙක්. මේ ජාවාරම මැඩපැවැත්වීම සඳහා රේගු නිලධාරි අර්ජුන් මීනා ප්‍රමුඛ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කරනවා.නමුත් මොවුන්ට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට නෙවෙයි, පද්ධතිය ඇතුළෙම ඉන්න දූෂිත නිලධාරීන්ගේ සහය ලබන සූක්ෂම ජාවාරම්කරුවන් පිරිසකටයි. තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් මේ මකුළු දැල පටලවා ගන්නේ නැතිව ඔවුන් මේ මහා මෙහෙයුම අවසන් කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේ කතාමාලාව නරඹන්නම වෙනවා. මේ අවුරුද්දේ ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතා මාලාවක් තමයි Taskaree. කුතුහලය අන්තිම තත්පරය වෙනකම්ම තියාගන්න මේ කතාව සිංහල උපසිරැසිත් එක්ක අදම නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. කතාව නරඹලා ඉවරවෙලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. මෙවැනි කර්තෘව්‍යයන් කිරීමට එය අපට මහත් දිරිගැන්වීමක් වේවි. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු! ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

0 comments
Log in to comment !

No comments yet!

Customs vs Popat

Season 1 Episode 1

Bada Choudhary

Season 1 Episode 2

The Priya Story

Season 1 Episode 3

Operation Longshot

Season 1 Episode 4

Hum Coin Hain

Season 1 Episode 5

Darr Ka Dhandha

Season 1 Episode 6

Kahani Khatam

Season 1 Episode 7

Recommended For You

Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
Bloody Flower
2026

Bloody Flower

Crime TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show
Jeffrey Epstein: Filthy Rich
2020

Jeffrey Epstein: Filthy Rich

Crime TV Show
No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show