XStream.lk

Bloody Flower

HD 2026

Bloody Flower

8.0

ආයෙම ආයුබෝවන් එහෙනම්… ඔන්න ඉතින් සුපුරුදු විදිහටම මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. කතාවෙ නම Bloody Flower. කොරියානු භාෂාවෙන් කියන්නෙ ජුගම්ඊ ක්‍කොත් (Jugeumui Kkot) ඒ කියන්නේ “මරණයේ පුෂ්පය” කියන එක. ඇයි මේ වගේ නමක් දැම්මේ? ඒකට හේතුව මම කතාවේ විස්තරේ මැද්දට කියන්නම්කෝ. Thriller, Mystery, Crime සහ Medical කියන වර්ගීකරණයන්ට අයිති වෙන මේ ඩ්‍රාමා එක සතියේ දිනවල Disney+ හරහා විකාශය වෙනවා. මේ ඩ්‍රාමා එකත් විකාශය ආරම්භ වුණේ මේ පෙබරවාරි 04 වෙනිදා ඉඳන්. කතාමාලාවට කතාංග 08ක් ඇතුළත් වෙනවා. Ryeoun (ලී වූ-ග්යොම් ලෙස), Sung Dong-il (පාක් හන්-ජූන් ලෙස) සහ Geum Sae-rok (චා යි-යොන් ලෙස) කියන රංගන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිතවලට දායක වෙනවා. විශේෂයෙන්ම අපි අහිංසක චරිතවලින් දැකපු Ryeounව මේකෙදි දකින්න ලැබෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ දරුණු මිනීමරුවෙක් විදිහට වීම ලොකු විශේෂත්වයක්. කතාව ගැන කියනවා නම්, ලී වූ-ග්යොම් කියන්නේ දරුණු දාම ඝාතකයෙක් වගේම වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. එයා පොලීසියට අහු වුණාට පස්සේ ලෝකෙම හොල්ලන ප්‍රකාශයක් කරනවා. එයා කියනවා එයා මිනිස්සු මැරුවේ විනෝදෙට නෙවෙයි, “පිළිකා ඇතුළු ලෝකේ කාටවත් සුව කරන්න බැරි රෝගවලට බෙහෙතක් හොයාගන්න කරපු පරීක්ෂණ නිසා” කියලා. එයා කියන විදිහට එයා ඒ බෙහෙත හොයාගෙන ඉවරයි! හැබැයි ඒ රහස එළි කරන්න නම් එයාව නිදහස් කරන්න වෙනවා. මෙතනදී තමයි නීතිඥ පාක් හන්-ජූන් කරළියට එන්නේ. එයාගේ දුව මැරෙන්න ඉන්න ලෙඩකින් පෙළෙනවා. ඉතින් දුවව බේරගන්න ඕන නිසා, මේ මිනීමරුවව ආරක්ෂා කරන්න එයා ඉදිරිපත් වෙනවා. අනිත් පැත්තෙන් චා යි-යොන් කියන නීතිඥවරිය කොහොම හරි ලී වූ-ග්යොම්ට දඬුවම් දෙන්න දඟලනවා. ඩ්‍රාමා එකේ නම “Bloody Flower” (රුධිර පුෂ්පය) වෙන්න හේතුව දැන් පැහැදිලිනේ? ජීවිතය කියන “මල” පිපෙන්න නම්, “ලේ” වලින් වතුර දාන්න ඕන කියන ක්‍රර තර්කය තමයි මේ මිනීමරුවා ගේන්නේ. මිනීමැරුම් ගොඩක් මැද්දෙන් ජීවිතයක් උපදිනවා කියන අදහසින් තමයි මේ නම දාලා තියෙන්නේ. “මම මිනිස්සු 17 දෙනෙක් මැරුවා, හැබැයි ඒ වෙනුවට මම ලෝකය බේරගත්තා. ඉතින් අවසානයේදී… මරණ ගණන බිංදුවයි.” ▫️️මිනීමරුවෙක් ළඟ ඇත්තටම ලෝකෙම බේරගන්න බෙහෙත තියෙනවා ඇද්ද? ▫️️නීතිඥවරයා තමන්ගේ දුව වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය පාවා දෙයිද? ▫️️අවසානයේ දිනන්නේ නීතියද? නැත්නම් අවශ්‍යතාවයද? ඉතින් මේ ප්‍රශ්න ටික ඉතුරු කරගෙනම අපි කතාව මොනවගේද කියලා බලමු. මම ප්‍රමුඛ විශ්වජිත්

Country
Genre
Released
04 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Episode 1

Season 1 Episode 1

Episode 2

Season 1 Episode 2

Shifting the Narrative

Season 1 Episode 3

A Glimmer of Hope

Season 1 Episode 4

Episode 5

Season 1 Episode 5

Recommended For You

Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show
Jeffrey Epstein: Filthy Rich
2020

Jeffrey Epstein: Filthy Rich

Crime TV Show