ආයුබෝවන් අද පොඩි වෙනසක් කලා. හැමදාම අළුත් චිත්‍රපට ගේන්න ඕනෙ නෑනෙ. ආයෙමත් මමපරණ චිත්‍රපටයක් කරන්න අත ගැහුවා. මේක කරන්න ඉල්ලීමක් ආපු නිසා තමයි කලේ. මලයාලම් චිත්‍රපට කර් මාන්තයේ ස්වර් ණමය යුගය ලෙස හඳුන්වන්නෙ 1985-2000 අතර කාලය. ඒත් ඊට පස්සෙ උදා වෙන්නෙ මලයාලමේ අඳුරුතම යුගයක්. ඉතා අවර ගණයේ ගුණාත්මක බවින් තොර ලෝ බජට් චිත්‍රපටි, බී ග්‍රේඩ් මල්ලු චිත්‍රපට ලෙස ප්‍රචලිත වැඩිහිටියන්ට සීමා වූ චිත්‍රපටි මිසක් සැලකිය යුතු ගුණාත්මක චිත්‍රපටයක් මේ කාලෙ බිහි වෙන්නෙ කලාතුරකින්. බොහෝ අධ්‍යක්ෂක වරුන් දමිළ චිත්‍රපට රැල්ලට නතු වෙලා හිටපු කාලයක් මේ. මේ තත්වය නිමා වෙලා මලයාලි සිනමාවෙ නව යුගයක් ඇරඹෙන්නෙ 2011දි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා සේරම දන්නවා. මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2010 වසරෙදි. වාණිජමය චිත්‍රපටයක් වන මේක ඒ වසරේ වැඩිම ආදායමක් උපයා ගන්නා චිත්‍රපටය වෙනවා. (ඉන්දියානු රුපියල්කෝටි 20ක්). හරියට දිගින් දිගටම පාඩු ලැබූ මලයාලම් සිනමාවේ ඉඩෝරයට පොද වැස්සක් උනා කිව්වොත් නිවැරදියි. කොහොම උනත් මේකත් දමිළ සිනමාවෙ ආභාෂයෙන් නොමිදුනු එහෙත් මලයාලම් අනන්‍යතාවක් තියෙන ඒ කාලෙ හැටියට අළුත්ම තේමාවක් රැගත් චිත්‍රපටයක්. මේක දෙමළ කොපියක් නොවෙයි කියන්න ලොකුම හේතුව ඒක දෙමළ බසින් හඬ කවා තමිල්නාඩුවේත් ඒ වගේම ප්‍රති නිර්මාණ දෙකක් හිංදි (බොස්) සහ තෙළිඟු (බායි) බිහි වීම. ඒ නිසාම මේක මලයාලි අඳුරු යුගයෙ බිහිවුන සුවිශේෂ චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඉතිං කතාව කිය වෙන්නෙ සහෝදරයන් දෙන්නෙක් ගැන. පියාගෙ වරදක් තමන් මත පටවාගෙන දඬුවම් විඳ පසුව පියාගෙන්ම ප්‍රතික්ෂේප වන තරුණයෙක් අවසානයේ නවතින්නෙ මැර නායකයෙක් වෙලා. කෙසේ වෙතත් විශාල කරදරයකට මුහුණ පාන ඔහුගේ බාල සහෝදරයා බේරා ගැනීමට ඔහුට නැවත පැමිණෙන්න වෙනවා. ඉතින් ඒ කතාව තමයි ඇක්ෂන් සහ කොමඩි එක්ක දිගටම විකාශනය වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරන්නෙ වයිසාක් විසින්. චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන ඔහුගෙ ප්‍රමූඛතම චිත්‍ර්පටය තමා වසර කිහිපයක් තිස්සේ ආදායම් වාර්තා තබා ගෙන සිටි පුලිමුරුගන්.මේකෙ sequal එකක් ඔහු විසින්ම 2019 දි මධුර රාජා නමින් නිපදවනවා. මේකෙ ප්‍රධාන නළු යුගලය මම්මුටි සහ ප්‍රීතිවිරාජ්. සුරාජ් වෙන්ජාරමුඩු, ශ්‍රියා සරන්, නෙඩිමුනි වේණු, සිද්දික්, විජයරාඝවන් සහ සලීම් කුමාර් මෙහි අනිත් චරිත රඟපානවා. ටිකක් පරණයි තමයි. ඒත් පොඩි වෙනසකටත් එක්ක ඇක්ෂන් කොමඩි බලන අයට මේක හොඳයි. ඉදිරියටත් උප සිරැසි නැති පැරණි එහෙත් සුවිශේෂ මලයාලි චිත්‍රපට කීපයකම උපසිරැසි ගෙන එන්න අදහස් කරනවා. එහෙම චිත්‍රපට තිබෙනවා නම් යෝජනා කරන්න. පිටපත් සොයා ගැනීමේ හැකියාව මත එවැනි චිත්‍රපට වලට උපසිරැසි ගෙන එන්නම්. නැවත හමුවෙමු. ආයුබෝවන්.