මෙහි අධ්‍යක්ෂණය, සම-නිෂ්පාදනය මෙන්ම සම-තිර රචනය Patrick Hughes විසින් සිදු කර ඇත. ප්‍රධාන චරිත සඳහා Alan Ritchson, Dennis Quaid, Stephan James, Jai Courtney සහ Esai Morales යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා මෙම චිත්‍රපටය 2026 පෙබරවාරි 12 වන දින ඕස්ට්‍රේලියාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කලා 2026 මාර්තු 6 වන දින සිට ලොව පුරා Netflix හරහා මෙය අන්තර්ජාලයට නිකුත් කෙරුනා චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 107ක් කතාව ගෙතී ඇත්තේ ඇමරිකානු හමුදාවේ “Army Rangers” බලකායට බැඳීම සඳහා අතිශය දුෂ්කර අවසන් පුහුණුවක (Ranger Assessment Selection Program) යෙදෙන සොල්දාදුවන් කණ්ඩායමක් වටායි. මෙහි ප්‍රධාන චරිතය වන “81” ලෙසින් හැඳින්වෙන සොල්දාදුවා (Alan Ritchson) කියන්නෙ ඇෆ්ගනිස්ථානයේදී තමන්ගේ සහෝදරයා අහිමි වීමේ කම්පනයෙන් (PTSD) පෙළෙන අයෙක්. ඔවුන්ගේ අවසන් පුහුණු මෙහෙයුම කැලෑබද ප්‍රදේශයක සිදුවන අතර, ඔවුන් සතුව ඇත්තේ පුහුණුවීම් සඳහා ලබාදුන් ව්‍යාජ උණ්ඩ (blank rounds) විතරයි. එතනදි අභ්‍යවකාශයේ සිට කඩා වැටුණු උල්කාපාතයක් ක්දිය්ක්ලා හිතුව අතිශය දියුණු, මාරාන්තික පිටසක්වළ රොබෝ යන්ත්‍රයක් (Extraterrestrial Machine) බවට පත්වී ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා සැබෑ ආයුධ කිසිවක් නොමැතිව, මෙම පිටසක්වළ යන්ත්‍රයෙන් බේරී ජීවිතය ගලවා ගැනීමටත් නැවත කඳවුරට යාමටත් ඔවුන් කරන දැවැන්ත සටන මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා