BTS (Bangtan Sonyeondan) කියන්නේ නිකම්ම නිර්මාණය වුණු කණ්ඩායමක් නෙවෙයි. Big Hit Entertainment හි නිර්මාතෘ Bang Si-hyukට ඕනෙ වුණේ තමන්ගේම කතාව ලෝකයට කියන “Hip-hop” කණ්ඩායමක් හදන්නයි. 2010 දි පළවෙනි සාමාජිකයා විදිහට RM සම්බන්ධ වෙනවා. ඉන්පසු පිළිවෙළින් Suga, J-Hope, Jin, Jungkook, V සහ Jimin කණ්ඩායමට එකතු වෙනවා. 2013 ජූනි 13 වෙනිදා “2 Cool 4 Skool” ඇල්බමය සහ “No More Dream” ගීතය හරහා ඔවුන් ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඒ කාලේ ඔවුන් කතා කළේ තරුණයින්ට මුහුණ දීමට සිදුවන සමාජ පීඩනය සහ අධ්‍යාපන ක්‍රමය ගැනයි. 🔥 BTSලගෙ ජයග්‍රහණයේ මාවත වුනේ Skool Luv Affair සහ Dark & Wild. මුල් කාලයේ ඔවුන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. කුඩා සමාගමකින් පැමිණි නිසා ප්‍රධාන රූපවාහිනී නාලිකාවල ඉඩක් ලබා ගැනීම පවා අපහසු වුණා. නමුත් ඔවුන් අත්හැරියේ නැහැ. හැරවුම් ලක්ෂය වුනේ The Most Beautiful Moment in Life (HYYH) 2015 වසර BTS ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන වසරක්. “I Need U” ගීතය හරහා ඔවුන් පළමු වරට සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. මෙතැන් සිට ඔවුන්ගේ “Youth” (තරුණ කාලය) පිළිබඳ සංකල්පය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තා. ඔන්න ඔහොම කල් යල් යත්ම එකිනෙකට වෙනස් ගීත හරහා එයාලා ජනප්‍රිය වුනා. ඒ ගීත වලින් අසන්නන් වුන අපිට පණිවිඩයක් දෙන්නත් BTS කොල්ලො ටික අමතක කලේ නෑ. 2022 වසරෙන් පසු නිකුත් කළ පළමු සාමූහික ඇල්බමය තමයි BTS the Comeback Live: Arirang කියන්නෙ. 2022 දි මේ අය අනිවාර්ය හමුදා සේවයට බැදුනනෙ. හැබැයි එයාලා අන්තිමට තිබ්බ බුසාන් ප්‍රසංගය දවසෙ කිව්වා එයාලා අනිවාර්යෙන්ම ආපහු ප්‍රේක්ෂකයො අතරට එනවා කියලත්. BTS the Comeback Live: Arirang ගැන කිව්වොත් Arirang සම්බන්ධ අවස්ථාවන් BTS ගමනේ ඉතා හැඟීම්බර අවස්ථා වෙනවා. විශේෂයෙන්ම KCON වැනි ජාත්‍යන්තර වේදිකාවල ඔවුන් කොරියානු අනන්‍යතාවය ලෝකයට ගෙන ගියා. සාම්ප්‍රදායික “Arirang” ගීතය BTS විසින් නවීන සංගීත මුසු කර ගායනා කිරීම හරහා ඔවුන් පෙන්නුම් කළේ තමන් කොතරම් උසස් තැනක සිටියත් තමන්ගේ මුල් (Roots) අමතක නොකරන බවයි. මේ ප්‍රසංග හරහා ඔවුන් ලෝකයට දුන් පණිවිඩය වුණේ “අපිට ඕනෑම බාධකයක් ජයගෙන නැවත නැගී සිටිය හැකියි” යන්නයි. BTS කියන්නේ නිකම්ම ගායක පිරිසක් නෙවෙයි; ඔවුන් තමන්ගේ දහඩිය, කඳුළ සහ මහන්සිය කැප කරලා බිංදුවේ ඉඳන් ඉහළටම ආපු පිරිසක්. “No More Dream” එකෙන් පටන් ගත්ත ඒ පුංචි කොල්ලෝ හත්දෙනා, අද මුළු ලෝකයම පාලනය කරන සංගීත අධිරාජ්‍යයක් ගොඩනගලා තියෙනවා. BTS කණ්ඩායමට ආදරේ කරන අය වගේම අකමැති පිරිසකුත් ඉන්නවනෙ. හැබැයි එයාලගෙ හැසිරීම, විනය, ප්‍රේක්ෂකයන්ට ගරු කරන විදිහ ආදරේ කරන විදිහ.. මෙන්න මේ තරු ගුණයන්වලින් පිරිච්ච කණ්ඩායමක් තමා BTS කියන්නෙ. හැබැටි එයාලාට අකමැති අයට එයාලා වෛර කරන්නෙත් නෑ. මොකද එයාලා සිංදුවලින් පවා කියනවා වෛරය අතාරින්න කියලා. ගොඩක් සිංදු ඇහුවාම පේනවා මේ එයාලගෙ ගමන ගැන කියවෙන සිංදු කියලා. සබ් හැදුවට ඒ වචන ටයිප් කරද්දි දැනුන හැගීම මටත් විස්තර කරන්න බෑ. මේක එයාලා දරාගෙන ඉන්න ගොඩක් ලස්සන ඔටුන්නක්. BTS ලගෙ වාර්තා වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම.. BTS කියන කණ්ඩායමම ඒ වගේ එකක් වෙන්න ඇති.. ගොඩක් ලස්සන ලොකු ඔටුන්නක් නිසා.. ජනප්‍රිය වෙන දේවල් වෙනස් වෙනවා.. දිගටම එකම දේ කරන්න බෑනෙ.. “කොහොමද ආපහු එන්නෙ..” මේක ඇත්තටම ගොඩක් විශ්වාසදායක වෙන්න ඕනෙ ඇල්බම් එකක්.. දැන් මේක කරන්න පුළුවන් වෙයිද කියන එක… ලොකු ප්‍රශ්නයක් වුණානෙ.. අපි තාමත් කොරියාවෙ ගම්වලින් ආපු අය කියන ඇත්ත.. කාලය ඇසිපිය ගහන සැණින් පහු වෙලා ගියා.. ජීවිතෙන් බාගයක්ම කණ්ඩායමේ අයත් එක්ක ගත කළා.. කණ්ඩායමේ අය මගේ දෙවෙනි පවුල වගේ.. ‘අරිරං’ කියන්නෙ වේදනාව පිරුණු සංගීතයක්.. හරියට හීනයක් වගේ දැනෙනවා.. මොකද.. අන්තිමේදී ඒකෙ අවසානයට.. “හත්දෙනාගෙම කටහඬවල් එකතු වෙලා” “අපිට උගන්වන්නෙ අපේම කතාව ලෝකයට කියන්නයි.” — BTS මං හිතන්නෙ BTS කොන්සර්ට් එකක් උපසිරැසි ගැන්නුව පලවෙනි වතාව වෙන්න ඕනෙ. BTS the Comeback Live: Arirang ඔයාලගෙ අතරට උපසිරැසි එක්ක අරන් එන්න පුලුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම සිංහල කොරියානු කියන භාෂා දෙක වෙනස් එකිනෙකට. එතකොට මං සිංදුවලට දෙන්න හදන අදහස පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්. ඒකට සමාවෙන්න ඕනෙ හැබෑ එයාලා කතා කරන දෙබස් නම් ගින්දරටම සබ් දීලා තියෙනවා. මේක නම් මට ඇත්තටම විස්තර කරන්න අමාරු හැගීමක්. වචන අකුරු කරද්දි ඇස්වලට කදුලු පිරුණ අවස්ථා සතුටෙන් කෑ ගහන්න හිතුන අවස්ථා එමටයි. එහෙන හැමෝම ආදරෙන් වැලදගන්න BTS the Comeback Live: Arirang ප්‍රසංගය. මේක BTS ෆෑන් කෙනෙක් විදිහට මම ගත්ත සුපිරිම අත්දකීමක්. සටහන හා උපසිරැසි ගැන්ව්ම – උචිනි පෙරේරා