මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලන්ඩන් නුවර ජීවත් වෙන ඉතාමත් දක්ෂ සහ ප්‍රසිද්ධ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක් (Gynaecologist) වෙන ගීතිකා (කොන්කොනා සෙන් ශර්මා). එයා තමන්ගේ සහකාරිය වෙන මීරා (ප්‍රතිභා රන්තා) එක්ක ගොඩක් සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ගීතිකා එයාගේ හොස්පිට්ල් එකේ ඉහළම තනතුරකට පත් වෙන්න ඉන්න මොහොතක, එයාගේ ජීවිතය උඩුයටිකුරු කරන සිද්දියක් වෙනවා. කවුද කියලා හෙළි නොකරපු කට්ටියක් ගීතිකාට විරුද්ධව “ලිංගික අපයෝජන” චෝදනාවක් එල්ල කරනවා. රෝහල් පාලනාධිකාරිය මේ ගැන පරීක්ෂණ පවත්වද්දී, සමාජ මාධ්‍ය හරහා ගීතිකාට ලොකු බලපෑමක් එල්ල වෙන්න ගන්නවා. මේ ප්‍රශ්නය නිසා එයාගේ රස්සාව වගේම මීරා එක්ක තියෙන පුද්ගලික සම්බන්ධතාවයත් ලොකු අවුලක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ චෝදනා එල්ල වෙන්නේ පිරිමින්ට වුණත්, මෙතනදි ගෑණු කෙනෙක්ට එල්ල වෙන චෝදනාවයි ඒ පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? ගීතිකා ඇත්තටම වරදක් කළාද? නැත්නම් එයාව කවුරු හරි උගුලකට අහු කළාද? බලය කියන දේ පාවිච්චි කරලා කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න පුළුවන් කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් කතා කරනවා. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් දෙන්න. ආයෙත් අළුත් ෆිල්ම් එකකින් මුණ ගැහෙමු. සුබ දවසක්.