පොහොසත් සහ සාර්ථක කළු ජාතික ව්‍යාපාරිකයෙක් ඔහුගේ දෙදරා යන විවාහ ජීවිතය සහ තමා කවුද යන ව්‍යාකූලත්වය (identity crisis) නිසා දැඩි පීඩනයකින් පසු වෙනවා. දවසක් නිව්යෝර්ක් උමං දුම්රියකදී ඔහුට අභිරහස් සුදු ජාතික කාන්තාවක් මුණගැසෙන අතර, ඉන්පසු ඔවුන් දෙදෙනා අතර භයානක මනෝවිද්‍යාත්මක සටනක් ආරම්භ වෙනවා. සරලවම කිවහොත්, මෙය සාර්ථක ව්‍යාපාරිකයෙකු සහ අභිරහස් කාන්තාවකගේ සිතිවිලි සමඟ කෙරෙන භයානක සෙල්ලමක් ගැන කියවෙන කතාවක්.