XStream.lk

Chronicle

HD 84 min 2012

Chronicle

6.8

මම ගෙනාවේ ටිකක් පරණ වුණාට කවදාවත් පරණ නොවෙන සුපිරිම Sci-Fi Thriller චිත්‍රපටයක්. ඒ තමයි Chronicle (2012). මේක Found Footage, ඒ කියන්නේ කැමරාවකින් රූගත කරන විදියට නිර්මාණය වුණ චිත්‍රපටයක් නිසා බලන අපිටත් අපි එතන ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Trank විසින්. ප්‍රධාන චරිත විදියට Dane DeHaan (ඇන්ඩෲ), Alex Russell (මැට්) සහ Michael B. Jordan (ස්ටීව්) රංගනයෙන් දායක වෙනවා. Michael B. Jordan ව ඔයාලා Black Panther එකේ Killmonger විදියට දැකලා ඇතිනේ. කතාව පටන් ගන්නේ පාසල් යන යාළුවෝ තුන් දෙනෙක්ගෙන්. මුලදී මේ තුන් දෙනා සාමාන්‍ය විනෝදකාමී කොල්ලො ටිකක්. දවසක් මේ අයට කැලයක් ඇතුලෙ තිබිලා අමුතු ගුහාවක් හම්බවෙනවා. මේකට ගිහින් ආවට පස්සේ මෙයාලට හිතාගන්න බැරි සුපිරි බලයක් ලැබෙනවා. අතින් අල්ලන්නේ නැතුව දේවල් උස්සන්න, ඉගිලෙන්න වගේ දේවල් මෙයාලට පුළුවන් වෙනවා. මුලදී මේක විහිළුවක් විදියට පටන් ගත්තට, ඇන්ඩෲට එයාගේ බලය පාලනය කරගන්න බැරි වෙද්දී කතාව ගොඩක් භයානක පැත්තකට හැරෙනවා. යාළුවෝ අතරම ඇතිවෙන මේ ගැටුම ඉවර වෙන්නේ කොහොමද කියලා බලන්න නම් Chronicle ෆිල්ම් එක අරගෙනම බලන්න වෙනවා. තාමත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් මගහැරගන්න එපා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie