XStream.lk

The Investigation of Lucy Letby

HD 95 min 2026

The Investigation of Lucy Letby

6.3

කොහොමද යාලුවනේ, ඔන්න අද මම අරගෙන ආවේ වෙනදා ගේන ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස්, ඒ වගේම හරිම බරපතල නිර්මාණයක්. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයක්ම භීතියට සහ කම්පනයට පත් කරපු සත්‍ය සිදුවීම් දාමයක් අලලා නිර්මාණය වුනු Documentary (වාර්තාමය) චිත්‍රපටයක්. ‎බ්‍රිතාන්‍යයේ රෝහලක සිදුවුණු අබිරහස් ළමා මරණ සහ ඊට වගකිවයුතු බවට සැක කෙරුණු “ලූසී ලෙට්බි” නම් හෙදිය වටා ගෙතුණු දීර්ඝතම පරීක්ෂණ ක්‍රියාවලිය තමයි මේ “The Investigation of Lucy Letby” හරහා දිගහැරෙන්නේ. Crime සහ Investigation වර්ගයේ නිර්මාණවලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි කියලා හිතනවා. ‎ ​කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, එංගලන්තයේ චෙස්ටර් රෝහලේ නොමේරූ ළදරු ඒකකය තුළ අසාමාන්‍ය ලෙස දරුවන් මියයන්න පටන් ගන්නවා. මුලදී මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනුනත්, මියගිය හැම දරුවෙක් ළඟම රාජකාරි කළ එක් හෙදියක් ගැන වෛද්‍යවරුන්ට සැක හිතෙනවා. එතනින් එහාට ආරම්භ වෙන “Operation Hummingbird” පොලිස් මෙහෙයුම කොච්චර සංකීර්ණ වුනාද? ඇය ඇත්තටම මිනීමරුවෙක්ද? නැත්නම් පද්ධතියේ වැරැද්දකට අහුවුනු බිල්ලක්ද? අධිකරණ තීන්දුවෙන් පසුවත් ලෝකය දෙපැත්තකට බෙදුනේ ඇයි? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ වාර්තාමය චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ‎ ​IMDb දර්ශකයේ 5.5/10 අගයක් ලබාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි ඇතුළත් වෙන්නේ නිකන්ම ප්‍රවෘත්ති වල දැකපු විස්තර විතරක් නෙවෙයි. පරීක්ෂණ මෙහෙයවපු රහස් පරීක්ෂකයින්ගේ සෘජු ප්‍රකාශ, වෛද්‍යවරුන්ගේ සාක්ෂි, සහ එදා රෝහල ඇතුලේ සිදුවුනු දේවල් තාත්විකව ප්‍රතිනිර්මාණය කිරීම් (Reenactments) මේකේ අන්තර්ගතයි. ඒ වගේම නඩු විභාගය අතරතුර හෙළිවුනු, මාධ්‍යවල පවා පල නොවූ රහස් කරුණු රැසක් මේ හරහා එළියට එනවා. අධ්‍යක්ෂකවරයා මේක හදලා තියෙන්නේ බලන අපිටත් ඒ පරීක්ෂණයේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන් විදියට හරිම කුතුහලයෙන්. ‎ ​අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේක හරිම සංවේදී කතාවක්. ඇතැම් දර්ශන සහ විස්තර කිරීම් හිතට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් ඇත්ත ලෝකයේ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ කොච්චර අඳුරු පැතිකඩවල් තියෙනවද කියලා තේරුම් ගන්න මේක හොඳ උදාහරණයක්. True Crime ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න. උපසිරැසිය ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් සුපිරි නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie