XStream.lk

One Mile: Chapter One

HD 86 min 2026

One Mile: Chapter One

7.3

Action සහ Thriller චිත්‍රපට වලට ආදරය කරන අයට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අලුත්ම චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. ජනප්‍රිය හොලිවුඩ් නළු Ryan Phillippe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය තමයි “One Mile: Chapter 1”. Adam Davidson ගේ අධ්‍යක්ෂණයක් විදිහට 2026 පෙබරවාරි මාසයේදී නිකුත් වුණු මෙම චිත්‍රපටයට Ryan Phillippe ට අමතරව Amélie Hoeferle සහ C. Thomas Howell රංගනයෙන් දායක වෙනවා. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ මේ කතාව Chapter 1 සහ 2 විදිහට කොටස් දෙකකින් සමගාමීව නිකුත් වී තිබීමයි. ​කතාව මෙහෙමයි… ඩැනී (Ryan Phillippe) කියන්නේ හිටපු හමුදා විශේෂ කාර්ය බලකායේ (Special Forces) නිලධාරියෙක්. ඔහු තමන්ගේ යොවුන් වියේ පසුවන දියණිය වන ඇලෙක්ස් (Amélie Hoeferle) සමඟ ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල කිහිපයක් බලන්න දුර ගමනක් (Road trip) යනවා. මේ ගමන අතරතුරදී මෙයාලට නොහිතපු විදිහට පාර වැරදිලා, කැලෑවක් මැද තියෙන සමාජයෙන් සම්පූර්ණයෙන්ම හැංගිලා ජීවත් වෙන අතිශය රහසිගත වගේම භයානක කල්ලියකට කොටු වෙනවා. ස්ටැන්ලි (C. Thomas Howell) විසින් මෙහෙයවන මේ වනගත දාමරිකයන් විසින් ඩැනීගේ දුවව පැහැරගන්නවා. ඉන්පසුව තමන්ගේ හමුදා පුහුණුව සහ අත්දැකීම් පාවිච්චි කරලා තනිවම මේ කල්ලියට මුහුණ දී තමන්ගේ දුවව බේරගන්න ඩැනී දියත් කරන අතිශය ත්‍රාසජනක සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ. අවසානයේ ඩැනීට තමන්ගේ දුවව මේ කුරිරු කල්ලියෙන් බේරගන්න හැකිවෙයිද..? දියණියට කුමක් වෙයිද..? මේ සියල්ල චිත්‍රපටය නරඹලම දැනගන්න. ​2026 වසරේ නිකුත් වුණු ක්‍රියාදාම චිත්‍රපට අතරින් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා… මේකෙම දෙවැනි කොටසත් (One Mile: Chapter 2) මේත් එක්කම නිකුත් වී ඇති නිසා කතාවේ ඉතුරු ටිකත් ඉක්මනින්ම බලාගන්න ඔයාලට අවස්ථාව තියෙනවා… ක්‍රියාදාම සහ ත්‍රාසජනක සිනමාපට වලට කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම මගහැරගන්නේ නැතුව බලන්න. මේකේ දෙවැනි කොටසේ උපසිරැසියත් ඉක්මනින්ම අරන් එන්නම් ජයවේවා…

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie