ආයුබෝවන් සිනමා ලෝලී යාලුවනේ! අද මම ඔයාලට ගෙනාවෙ මෑතකදි නිකුත් වෙලා, හැමෝගෙම අවධානය දිනාගත්තු සුපිරිම Sci-Fi Comedy ෆිල්ම් එකක් ගැන විස්තර. ඒ තමයි “Good Luck, Have Fun, Don’t Die”. මේක සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා Action, Time Travel සහ Dark comedy එකට කලවම් වුණු සුපිරිම නිර්මාණයක්… කතාව පටන් ගන්නෙ Los Angeles වල තියෙන සාමාන්‍ය අවන්හලකින්. එකපාරටම එතනට අමුතුම විදියෙ ඇඳුමක් ඇඳගත්ත මනුස්සයෙක් කඩා වදිනවා. එයා කියන විදියට එයා ඇවිත් තියෙන්නෙ අනාගතයෙ ඉඳන්. එයාගෙ එකම අරමුණ මේ ලෝකය විනාශ කරන්න හදන භයානක AI එකකින් මිනිස්සුන්ව බේරගන්න එක. හැබැයි මේ වැඩේ තනියම කරන්න බැරි හින්දා, ඔහුට මේ අවන්හලේ ඉන්න සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක්ගෙ උදව් ඕනේ වෙනවා. ලොකුම ප්‍රශ්නය තමයි මොන මිනිස්සු ටිකද මේකට හරියන්නෙ කියලා එයා දන්නේ නැති එක. ඒ හින්දා මේක එයාගෙ 117 වෙනි උත්සාහය! මේ පිරිස එකතු කරගෙන අනාගතය බේරගන්න යන පිස්සුම පිස්සු ගමන තමයි මේකේ තියෙන්නෙ… මේකෙ නළු නිළි කැල ගැන කිව්වොත් හොලිවුඩයේ පට්ටම සෙට් එකක් ඉන්නෙ. Sam Rockwell, Haley Lu Richardson, Michael Peña, Zazie Beetz, Juno Temple, Asim Chaudhry වගේම Tom Taylor… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලෝක ප්‍රසිද්ධ Gore Verbinski. ඔයාලට මතකද Pirates of the Caribbean මුල් චිත්‍රපට තුන? එහෙමත් නැත්නම් The Ring සහ Oscar සම්මාන දිනපු Rango වගේ ෆිල්ම්ස්? අන්න ඒ සුපිරි අධ්‍යක්ෂකවරයා අවුරුදු 10කට පස්සෙ කරන දැවැන්තම Comeback එක තමයි මේ චිත්‍රපටය. තිර රචනය කරලා තියෙන්නේ දක්ෂ රචකයෙක් වන Matthew Robinson විසිනි… මේක නිකම්ම Sci-Fi ෆිල්ම් එකක් නෙමෙයි. අද කාලෙ අපි AI තාක්ෂණයට සහ ෆෝන් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියන එකත්, ඒකෙන් අනාගතේ වෙන්න පුළුවන් භයානක දේවලුත් මේකෙන් අපූරුවට පෙන්නනවා. මේක බලද්දි ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරි තරමට කතාව වෙනස් වෙනවා. The Matrix සහ Groundhog Day ෆිල්ම්ස් වල අත්දැකීම එකට ගත්තා වගේ හැඟීමක් දැනේවි… ඔයාලා තාක්ෂණය නිසා ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන, ඒ වගේම හිනාවෙවී කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් හොයනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. AI අපේ ලෝකය පාලනය කරන්න කලින් මේ ෆිල්ම් එක බලලා ඉන්න එක ඇඟට ගුණයි! ඉතින්, තවත් පරක්කු වෙන්න එපා… Good Luck, Have Fun, Don’t Die!