වර්ගය: Action / Thriller ප්‍රධාන නළු නිළියන්: Dolph Lundgren, Michael Jai White, Scott Martin අධ්‍යක්ෂණය: Shane Dax Taylor පරණ ඇක්ෂන් චිත්‍රපටවලට කැමති අයට ගැලපෙනම ෆිල්ම් එකක් තමයි මේක. සෑම් හේඩ්න් කියන්නේ කුලියට මිනී මරන වෘත්තිකයන්ව (Assassins) මරා දාන්න බාර ගන්න තවත් මිනීමරුවෙක්. එයාට අලුත් කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා විශ්‍රාම යන්න හදන චාල්ස් (Dolph Lundgren) කියන භයානක මිනීමරුවාව ඉවරයක් කරන්න. නමුත් සෑම්, චාල්ස්ව මරන්න ගියාම දකින්නේ වෙනස්ම දෙයක්. චාල්ස් තමන්ගේ අතීතය අමතක කරලා ආදරය වෙනුවෙන් ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන කෙනෙක්. මේ නිසා සෑම් එයාව මරන්නේ නැතුව අතහරිනවා. හැබැයි මේ නිසා සෑම්ගේ බොස්ලා තරහා වෙලා, සෑම් සහ චාල්ස් දෙන්නම මරන්න තවත් දරුණු මිනීමරුවෙක් වන අයිසැක්ව (Michael Jai White) එවනවා. අන්තිමට තමන්ව මරන්න ආපු කෙනා එක්ක එකතු වෙලා ජීවිතේ බේරාගන්න මේ දෙන්නට සිද්ධ වෙනවා. මේකේ කතාවට වඩා තියෙන්නේ ඇක්ෂන්. Dolph Lundgren සහ Michael Jai White වගේ ප්‍රවීණ සටන් නළුවන් ඉන්න නිසා ගහගන්න සීන්, වෙඩි තියාගන්න සීන්වලින් අඩුවක් නැහැ. පරණ පන්නයේ “බී-ග්‍රේඩ්” (B-Movie) ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහට රසවිඳින්න පුළුවන්.