XStream.lk

The Strangers: Chapter 3

HD 92 min 2026

The Strangers: Chapter 3

5.4

ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනටම තව වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක තෙවන කොටස හිතුවෙවත් නැති වෙලාවක නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 සහ The Strangers: Chapter 2 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් දෙක බලලා එන්න කියලා කියන්න ඕන මොකද මේ චිත්‍රපට තුනම එකිනෙකට සම්බන්ධ වෙන නිසා. මේ චිත්‍රපට මාලාව නිකුත් වෙන්නේ කලින් ආපු The Strangers චිත්‍රපට මාලාව රීබූට් කරන්න උනත් ඒ වැඩේ සාර්තක කරගන්නනම් සමත් වෙලා නැතිබව කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. පලවෙනි චිත්‍රපටයෙදි වෙන්නේ විවහ ගිවිසගත්ත මායා සහ රයන් කියන තරුණ යුවල දුරබැහැර ලේක් හවුස් එකකට පැමිණි අවස්ථාවේ එදා රාත්‍රියේ දෙන්නටම මුහුන දෙන්න බිහිසුණු අත්දැකීමක් පිළිබඳවයි. දෙවෙනි කොටසේ වෙන්නේ තමන්ට මුහුණ දෙන්න සිදුවුන සිදුවීමත් එක්ක රෝහල් ගතවුන මායා මේ වීනස් ප්‍රදේශයේ ඉන්න අමුතුම ආකාරයේ මිනිස්සු ගැන තවත් තොරතුරු හොයාගන්න උත්සහ කරන විදියයි. ඒ වගේම කාවද විශ්වාස කරන්නේ කාවද සැක කරන්නේ කියන උහතෝකෝටික ප්‍රශ්නයට මෙයාව මැදිවෙනවා වගේම ඒ නිසා ලොකු කරදරේකත් වැටෙනවා. ඒ වගේම මේ ඝාතකයෝ තමන්ගේ ගොදුරු ඉන්න ගෙවල් වලට ගිහින් දොරට තට්ටු කරලා “ටැමරා මෙහේ ඉන්නවද?” කියලා අහන්නේ ඇයි කියලත් අපිට අතීත කතාවකින් දකින්න ලැබුනා. ඉතිං මේ තුන්වෙනි කතාව පටන් ගන්නෙ කලින් ෆිල්ම් එක නතර උන තැනින්මයි. ඒ වගේම මේ දේවල්වල ආරම්භය උන විදිය හෙළිකරන අතීත සිදුවීම් කීපයකුත් අපිට බලාගන්න ලැබෙනවා. ඒ නිසා මම ඒ ගැන විස්තර නොකියා ඔයාලටම බලාගන්න දෙන්නම්. කලින් චිත්‍රපට වගේම මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. Madelaine Petsch නැවත වතාවක් ප්‍රධාන චරිතය මායා විදියට එකතු වෙනවා. ඒ එක්කම කලින් ෆිල්ම් වල හිටපු නළු නිළියෝ ටිකම මේකෙත් ඔයාලට බලාගන්න පුළුවන්. මම කලිනුත් කියලා තියෙන විදියටම මේක වඩාත් ගුණාත්මක නිර්මාණයක් නෙමෙයි ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් මේක කැමති වෙයි කියලා හිතනවා. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ෆිල්ම් සෙට් එක මට වෙන් කරලා දුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie