XStream.lk

Pamali: The Little Devil

HD 95 min 2025

Pamali: The Little Devil

7.3

ඉන්දුනීසියානු Horror සිනමාව කියන්නේ මේ වෙද්දි ලෝකෙම අවධානය දිනාගත්ත පැත්තක්. නිකම්ම බූතයා එළවීමේ කතාවලින් ඔබ්බට ගිහින්, ආගමික පසුබිම, සංස්කෘතික විශ්වාස සහ Black Magic පාවිච්චි කරලා ඇඟ හිරිවැටෙන විදිහේ නිර්මාණ කරන්න ඔවුන් හරිම දක්ෂයි. ‘Sijjin ෆිල්ම් සෙට් එක, Pengabdi Setan වගේ ෆිල්ම් බලපු අයට ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අන්න ඒ ගැම්මෙන්ම ආපු අලුත්ම ෆිල්ම් එකක් තමයි The Book of Sijjin And Illiyyin. මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි, කතාව පටන් ගන්න කොටම ප්‍රේක්ෂකයාට හුස්ම ගන්නවත් වෙලාවක් දෙන්නේ නැති එක. කතාව පටන් ගන්නේ සාමාන්‍ය පවුලක රෑ කෑම මේසෙකින්. හැබැයි එකපාරටම එතන ඉන්න අම්මා අමුතු විදිහට අසනීප වෙනවා. නිකම්ම අසනීපයක් නෙවෙයි, එයාගේ හමෙන් සහ ඇස් වලින් ඉදිකටු මතු වෙන්න ගන්නවා. මේ දරුණු සිද්ධියත් එක්කම මුළු කතාවම උඩු යටිකුරු වෙනවා. කතාවේ ප්‍රධාන ගැටුම යන්නේ “යූලි” සහ “ලාරාස්” කියන සහෝදරියන් දෙන්නා වටා. යූලි කියන්නේ අනියම් සම්බන්ධයකින් ඉපදුණු දරුවෙක් විදිහට සලකන නිසා, එයාගේ අක්කා වන ලාරාස් එයාට සලකන්නේ තමන්ගේ නංගිට වගේ නෙවෙයි, ගෙදර වැඩකාරියෙක්ටත් වඩා අන්ත විදිහට. හැබැයි හැමදේකම සීමාවක් තියෙනවනේ. ඉවසීමේ සීමාව පැන්නට පස්සේ යූලි තීරණය කරනවා තමන්ට වධ දෙන මේ මුළු පවුලෙන්ම පළිගන්න. ඒකට එයා තෝරගන්නේ හිතාගන්නවත් බැරි තරම් භයානක හූනියම් ගුරුකමක්. ඇයි මේක බලන්න ඕනේ? මේක නිකම්ම පළිගැනීමේ කතාවක් නෙවෙයි. එළු බිලි පූජා, ලේ සහ මළකඳන් එක්ක කෙරෙන දරුණු ගුරුකම් මේකේ පිරීලා තියෙනවා. මේ ශාපය නිසා පවුලේ අය එකින් එකා මැරෙන්න පටන් ගන්න විදිහ හරිම ත්‍රාසජනකයි. ආවේශ වීම්, බෙලි කැපීම් සහ කෘමීන්ගේ ආක්‍රමණ වගේ Visceral Horror කැමති අයට මේක සුපිරි අත්දැකීමක් වෙයි. ෆිල්ම් එකේ Production Quality එක ගැන කතා කළොත්, හොලිවුඩ් මට්ටමටම VFX සහ Sound Design තියෙනවා. විශේෂයෙන්ම ටිකාගේ චරිතයට රඟපාන යොවුන් නිළියගේ (Kawai Labiba) රංගනය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියට එනකොට, ආගමික වතාවත් සහ භූතයන් එලවන්න කරන සමහර සීන් (Exorcism scenes) නිසා කතාවේ වේගය පොඩ්ඩක් අඩුවෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම සමහර Jump scares අනවශ්‍ය විදිහට දිග වැඩි ද කියලත් හිතෙනවා. හැබැයි ඒකෙන් ෆිල්ම් එකේ තියෙන ත්‍රාසයට ලොකු හානියක් වෙන්නේ නෑ. Gore ෆිල්ම්ස් (ලේ, දරුණු දර්ශන සහිත) බලන්න කැමති, Black Magic සම්බන්ධ කතා වලට කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්. තනියම බලනවට වඩා, ෆිල්ම් බලද්දි බය වෙලා කෑගහන යාලුවෙක් එක්ක රෑක ලයිට් නිමලා සෙට් වෙලා බැලුවොත් මේකේ ෆන් එක තවත් වැඩි වෙයි. ඉතින් 2025 දී ආපු මේ අලුත් ඉන්දුනීසියානු හොරර් අත්දැකීම මග ඇරගන්න එපා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie
Death Whisperer
121 min 2023

Death Whisperer

Horror Movie