ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් කාලෙකට පස්සේ නැවත වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක දෙවන කොටස නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් එක බලලා එන්න කියලා ඉල්ලනවා මොකද මේ චිත්‍රපට දෙකම එකිනෙකට සම්බන්ධ වෙන නිසා. ඉතිං මේ චිත්‍රපට මාලාව නිකුත් වෙන්නේ කලින් ආපු The Strangers චිත්‍රපට මාලාව රීබූට් කිරීමක් බව මම කලින් ඔයාලට කිව්වා. පලවෙනි චිත්‍රපටයෙදි වෙන්නේ විවහ ගිවිසගත්ත මායා සහ රයන් කියන තරුණ යුවල දුරබැහැර ලේක් හවුස් එකකට පැමිණි අවස්ථාවේ එදා රාත්‍රියේ දෙන්නටම මුහුන දෙන්න බිහිසුණු අත්දැකීමක් පිළිබඳවයි. දෙවෙනි කොටසේ කතාව පිළිබඳත් මම කියන්න යන්නේ නෑ. මොකද කිව්වොත් කුතුහලය නැති වෙන නිසා. මායා දැන් ඉන්නේ රෝහලේ ඒ වගේම රයන් දැන් ජීවතුන් අතර නෑ. ඉතිං මේ බිහිසුණු ඝාතකයෝ මායා කියන ගොදුර එහෙම ලේසියෙන් අත ඇරලා දායිද? මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද? එහෙනම් මේ කොටසින් ඔයාලට ඒ උත්තර ලැබේවී. කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. Madelaine Petsch නැවත වතාවක් මායා විදියට එකතු වෙනවා. මේ චිත්‍රපටය නිකුත් උනේ ඊයේ බවත් ඔයාලට මතක් කරන්න ඕන. මම කලිනුත් කිව්වා වගේ මේක වඩාත් ගුණාත්මකම නිර්මාණයක් නෙමෙයි ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් මේක බැලුවට පාඩු නෑ. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. ෆිල්ම් එක ගැන මාව දැනුවත් කරපු රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේ නිකුත් වෙන The Strangers: Chapter 3 චිත්‍රපටයෙන් නැවත හමුවෙමු. ජය වේවා!