ඇමරිකා එක්සත් ජනපදය: එසේත් නැතිනම් ලොව බලවත්ම රාජ්‍යය, නිදහස් දේශය සහ අවස්ථාවන්ගේ දේශය ලෙසත් ඇතැමුන් මේ රාජ්‍යය හඳුන්වනවා. ලොව පුරා වෙසෙන බහුතරයක සිහින දේශය වෙන්නෙත් මේ එක්සත් ජනපදයම තමයි. ඒත් ඇමරිකාව මේ කියන තරම්ම සුන්දරද? ඇමරිකානු ජනතාව ගොඩක් කරුණාවන්තද? ආගන්තුක සත්කාර කරන්න ප්‍රසිද්ධ අයද? කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔවුන් කියන තරම් සුන්දර නෑ කියලා තමයි. මෙහෙම කියන්නේ මමනම් නෙමෙයි, ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය එහෙමත් නැත්තම් ඔයාලා දන්න විදියට FBI එක තමයි මේ දේ කියන්නේ. ඔවුන් පවසන පරිදි මනුෂ්‍ය ඝාතන සිදුවීමේ වේගය සැසඳීමේදී ලොව 33 ස්ථානයේ පසුවන්නේ එක්සත් ජනපදයි. එමෙන්ම මේවා හුදෙක් සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනමත් නෙමෙයි වින්දිතයන් ඉතා කෘර වධ හිංසනයට ලක් කර සිදුකල ඝාතන විදියට තමයි සැලකෙන්නේ. FBI වාර්තා වලට අනුව සෑම වසරකටම ඇමරිකාව තුළ වධහිංසා පමුණුවා ඝාතනය කිරීම් මිලියන 1.4ක් සිදුවෙනවා. ඒ කියන්නේ සෑම තප්පර 26.3කට වරක් එක සිදුවීමක් වාර්තා වෙලා තිබෙනවා. 2008 වසරේදී Bryan Bertino කියන අධ්‍යක්ෂකවරයා විසින් මේ වගේ සත්‍ය සිදුවීම් අළලා The Strangers නමින් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඩොලර් මිලියන 9ක් වගේ බජට් එකක් වැය කරලා නිපදවපු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 90කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවකට හිමිකම් කියන්න සමත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ දුෂ්ට චරිත ලෙස හඳුන්වා දුන් ඩෝල්ෆේස්, පින් අප් ගර්ල් සහ ස්කෙයාක්‍රෝ යන චරිත 3ත් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිත්වයකට ලක් උනා. නැවත මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස වන The Strangers: Prey at Night නිකුත් වෙන්නේ ඊට වසර 10කට පසු වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් පළමු නිර්මාණය වගේම මෙයත් බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ලබා ගන්න සමත් වෙනවා. The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles ඉතිං අද මම අරන් ආවේ මේ චිත්‍රපට මාලාවට අයත් වෙන තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටයේ වෙනසක් තියෙනවා මොකද මේ නිර්මාණය සැලකෙන්නේ The Strangers චිත්‍රපට මාලාව රීබූට් කිරීමේ පළමු පියවර විදියටයි. ඔයාලට නම දැක්කම ඒක තේරෙන්නත් ඇති. ඒ අනුව The Strangers: Chapter 1 චිත්‍රපටයට එකිනෙකට සම්බන්ධ තවත් චිත්‍රපට දෙකක් නිකුත් වෙන්න නියමිතයි. ඒ චිත්‍රපට දෙකින් එකක් බොහෝවිට මේ වසරේදිම බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කලින් චිත්‍රපට වගේම මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරින් කල නිර්මාණයක්. ඒ වගේම මේක මුල් චිත්‍රපට වලට සම්බන්ධ නැති බවත් මතක් කරන්න ඕන. චිත්‍රපටයේ කතාව පිළිබඳ කියන්න දෙයක් නෑ. මොකද කිව්වොත් කුතුහලය නැති වෙන බව කලින් චිත්‍රපට නරඹලා තියෙන අයනම් දන්නවා ඒ වගේම අළුතින් බලන අයටත් ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්. The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles The Strangers: Chapter 1 මේ වෙද්දි 5.1ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Horror/Mystery යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. මෙහි නළුනිළි පිරිසනම් ඉතා සීමිතයි. ඔයාලා රිවර්ඩේල් කතාමාලාව බැලුවනම් ආඩම්බරකාර ශෙරිල් බ්ලොසම් ලෙස රංගනයෙන් දායක උන Madelaine Petschව ඔබට මතක ඇති. ප්‍රධාන චරිතය විදියට අපිට ඇයව බලාගන්න පුළුවන්. සෙසු චරිත වෙනුවෙන් Froy Gutierrez, Rachel Shenton, Ema Horvath සහ Matúš Lajčák නළුනිළි කැල රංගන දායකත්වය ලබා දෙනවා. පසුගිය මැයි 8 වෙනිදා නිකුත් උන මේ නිර්මාණය ඩොලර් මිළියන 36කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලත් තියෙනවා. කලින් මතක් කලා වගේම මේක බලන්න කලින් මුල් චිත්‍රපට බලන්න ඕන නෑ. ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් ඒවත් බැලුවට පාඩු නෑ. මේ නිර්මාණය ගැන මාව දැනුවත් කලාට බිම්සර සහෝටත්, සනූප මල්ලිටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!