උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න සැක් (Zach) ට එයාගේ පළවෙනි රස්සාව විදිහට 'මාකොෆ්ස් හෝන්ටඩ් ෆොරස්ට්' (Markoff's Haunted Forest) කියන තැන මිනිස්සුන්ව බය කරන නළුවෙක් (Scare Actor) විදිහට වැඩ කරන්න ලැබෙනවා. එතන වැඩ කරන අමුතු විදිහේ යාළුවෝ සෙට් එකක් එක්ක සැක් ගොඩක් හිතවත් වෙනවා." "හැබැයි මේ සතුට වැඩි කාලයක් තියෙන්නේ නැහැ. හිතපු නැති විදිහට එතන වැඩ කරන එක යාළුවෙක් ඒ භූමිය ඇතුළෙදීම හරිම අවාසනාවන්ත විදිහට මිය යනවා. මේ සිද්ධියත් එක්ක, මරණය සහ මේ වගේ බය හිතෙන දේවල් ගැන සැක්ට තිබුණ අමුතු කැමැත්ත ගැන එයාටම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පටන් ගන්නවා.