මෙම චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ දරුණු යුධමය වටපිටාවක් සහ අතිශය කටුක ශීත කාලයක් පසුබිම් කරගත් දුෂ්කර වෙරළබඩ ගම්මානයක් තුළයි. මෙය මනෝවිද්‍යාත්මක ත්‍රාසය (Psychological drama/thriller) සහ අඳුරු බව ඉලක්ක කරගෙන ගොඩනැගුනු නිර්මාණයක්. කතාවේ ප්‍රධාන චරිතය වන භක්තිමත් තරුණිය ‘ඈන්’ (Anne) සහ ඇගේ දැඩි හදවතක් ඇති නැන්දම්මා ‘මෝවෙන්’ (Morwen), යුද්ධයට ගිය ඈන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ‘ශේමස්’ නැවත එනතුරු මහත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. නමුත් ඔවුන්ගේ පැරණි මිතුරෙකු වන ‘ජාගෝ’ යුධ භූමියේ සිට ගමට පැමිණීමත් සමඟ ඔවුන්ට අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමිහිරි පුවතක්. කිසිදු පිහිටක් හෝ ආදායමක් නොමැතිව තනිවෙන මේ කාන්තාවන් දෙදෙනාට, එළඹෙන දැඩි ශීත කාලයත් සමඟ කුසගින්න සහ මරණය සමඟ දැඩි අරගලයක නිරත වීමට සිදුවේ. මේ අතරතුර ඔවුන්ගේ නිවසට පැමිණෙන ආගන්තුක පූජකවරයෙකු සහ ඈන් කෙරෙහි ජාගෝගේ ඇතිවන අසාමාන්‍ය බලපෑම හේතුවෙන් ඈන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්වෙනවා. කුසගින්න සහ මරණ භය හමුවේ ජීවත් වීම උදෙසා මිනිසුන් කොතරම් දුරකට යාවිද? මනුෂ්‍යත්වය සහ කෲරත්වය අතර ඇති සියුම් මායිම කොතැනද? ඈන්ට ඇය වටා සිටින සැබෑ “රාක්ශයන්ගෙන්” ගැලවී තමාගේ ජීවිතය බේරාගැනීමට හැකි වේවිද යන්න මෙම කතාවෙන් ඉතා ත්‍රාසජනක ලෙස නිරූපණය කර තියෙනවා. තවත් නිර්මාණයකින් හමුවෙමු. *-* ජය ශ්‍රී *-*