XStream.lk

Primate

HD 89 min 2026

Primate

6.6

මිනිස්සු හුරතලේට සත්තු ඇති කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. ඒ ඉතිහාසය අවුරුදු දස දහස් ගානක් ඈතට යනවා. අපි බහුතරයක් දෙනා හුරතලේට බල්ලන් සහ පූසන් ඇති කරාට, සමහර මිනිස්සු ඊට වඩා වෙනස් සතුන් ඇති කරනවා. හාවන්, ඉබ්බන්, මාළු, කුරුල්ලන්, මීයන් වගේම වානර කුලේ චිම්පන්සියන්. ආයුබෝවන්. එහෙනම් මම අද ඔයාලට අරන් ආවේ මීට දවස් කිහිපයකට කලින් ඒ කියන්නේ 2026 ජනවාරි 9 වෙනිදා තිරගත වීම ආරම්භ උන සහ අදටත් තිරගත වන Primate (2026) චිත්‍රපටය. ඉතින් කියන්න ඕන මේක තමයි මේ අවුරුද්දට අපි ඔයාලට අරන් එන පලවෙනි horror කාණ්ඩයට අයත් චිත්‍රපටය. ඒ වගේම මගේ 75 වෙනි උපසිරැසි නිර්මාණය. කතාව දුවන්නේ බෙන් කියලා හුරතලයට ඇති කරන චිම්පන්සියෙක් පසුබිම කරගෙන. ඔව්.. ඇත්තටම බෙන් කියන්නේ හුරතල් සතෙක් තමයි. ඒ යම් දෙයක් ඌට වෙන්න කලින්. ඒ දේ මොකක්ද කියන්නේ නම් නැහැ මම. හැබැයි ඒ දේ උනාට පස්සේ බෙන්ගේ හුරතලය මාරක අපලයක් වෙලා මිනිස්සුන්ව මරණ එක නම් හිතා ගන්න බැරි තරම් බිහිසුණුයි. බෙන්ගේ බුද්ධි මට්ටම (විශේෂ පුහුණුවකින් ලද) මේ මිනී මැරුම් කෘර විදිහට කරන්න තවත් උපකාරී වෙනවා. බෙන් වියරු වැටීමට පෙර සහ පසු Primate (2026) චිත්‍රපටයේ නළු නිලියන් එච්චර ප්‍රසිද්ධ නොවුනත් එයාල තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. මේ නළු නිලියන් අතරින් ලුසී (Johnny Sequoyah), හනා (Jessica Alexander), කේට් (Victoria Wyant), ඇඩම් (Troy Kotsur) සහ එරින් (Gia Hunter) ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන චිම්පන්සි බෙන්ව සජීවීකරණය කිරීමේ වගකීම Miguel Hernando Torres Umba ඉතාම දක්ෂ විදිහට ඉටු කරලා තියනවා. Paramount Pictures සමාගම විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Johannes Roberts. චිත්‍රපටය විනාඩි 89 ක් ඒ කියන්නේ පැයකුත් විනාඩි 29 කුත් ධාවනය වෙනවා. වර්තමාන IMDb අගය 6.2 කුත් කුණු තක්කාලි අගය 79% කුත් අරන් තියන නිසා මේක බැලුවට පාඩු නැහැ කියන එක බය නැතුව කියන්න පුළුවන්. ඇත්තටම මම නම් මේක බැලුවේ සිනමා ශාලාවකට ගිහින්. වැඩි කතා නැතුව ලිපිය ඉවර කරන්න හිතුවා ඒ වෙලාව උපසිරැසිය කොටන්න පාවිචිචි කරන්න පුළුවන් නිසා. එහෙනම් මේක බලලා ඔයාලා හොඳ රසවින්දනයක් ලබයි කියලා මට ලොකු විශ්වාසයක් තියනවා. අන්තිමට කියන්න තියෙන්නේ… චිම්පන්සියන් ඇති කරන අය පරිස්සමින් හොඳේ. 😃

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie