ගෑණු ළමයෙක් මේ සමාජයේ ආරක්ෂිතද? අනීතා කියන්නෙ ගෙදර අම්මා තාත්තා එක්ක අම්මා තාත්තා කියන දේ අහගෙන සතුටෙන් ජීවත් වෙන තරුණ කෙල්ලෙක්. එයාට රස්සාවක් කරන්න අවසර ලැබුනත් රෑට වැඩ කරන්න අවසර ලැබෙන්නෙ නෑ ගෙදරින්. යාලුවෙක්හෙ මාර්ගෙන් අනීතා ජොබ් එකක් හොයන්න යනවා. පස්සෙ එයා ඒ අවට වයිබ් එක දැකලා ඒකට ආස වෙලා සප්නා කියන එයාගෙ යාලුවට කතා කරලා මේ විස්තරේ කිව්වම සප්නයි අනීතයි එකතුවෙලා අනීතගෙ අම්මට බොරුවක් කියනවා සප්නා ගෙදර තනියම ඒ හින්දා අනීතව එහෙ රැයක් තියාගන්නවා කියලා. අනීතත් ඒ බොරුවෙන් ප්‍රයෝජන අරන් ඒ පාර්ටි එකට යනවා එන්ජෝයි කරන්න. අනීතා පාර්ටි එකේ විනෝද වෙන ගමන් එහෙ තිබ්බ වයින් බොනවා සිහිය නැතිවෙනකන්ම. පස්සෙ එයා ගෙදර එනවා. පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ.. වෛද පරීක්ෂණය්කන් දැනගන්නවා අනීතා ප්‍රෙග්නට් කියලා.. එහෙනම් කතාව බලාගෙන යන්න. මේක හැම ගෑණු ළමයෙක්ම බලන්න ඕනෙ කතාවක් කියලා මම හිතනවා. තව දෙයක් කියන්නම් හැමෝටම ඕනෙ සප්නා වගේ යාලුවෙක්ව. කිසිම කරදරයකදි යාලුවව අතාරින්නෙ නැති යාලුවෙක්ව. වෙනත් කිසිවෙකුට ඔබේ දෙමාපියන්ට ලබා දෙන ගෞරවය ලබා දෙන්න එපා. අන් අයට ඔබේ තුවාල සුව කළ හැකි වුවද, ඔබේ වේදනාව තමන්ගේම වේදනාවක් කර ගන්නේ දෙමාපියන් පමණි… සතුට මෙන්ම දුක ද බෙදාහදා ගැනීම යහපත් සබඳතාවක ලක්ෂණයකි