නවීන් චන්ද්‍රාගේ ප්‍රධාන රංගනයෙන් හැඩගැන්වෙන “Honey” (2026) යනු මෑතකදී තිරගත වූ තෙළිඟු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. කරුණා කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය, හුදු භූත කතාවකට වඩා මිනිස් මනසේ ඇතිවන බිය සහ අන්ධ විශ්වාසයන් නිසා පවුලක් විනාශය කරා ඇදී යන ආකාරය කදිමට නිරූපණය කරයි. කතාව ගෙතී ඇත්තේ ආනන්ද් (නවීන් චන්ද්‍රා) නම් මූල්‍යමය ගැටළු රැසකට මුහුණ දී සිටින, රැකියා විරහිත මැදිවයස් පුද්ගලයෙකු වටා යි. තම ආර්ථික ප්‍රශ්නවලින් මිදීම සඳහා පීඩනයට පත්වන ඔහු, යන්ත්‍ර මන්ත්‍ර සහ අද්භූත ශාස්ත්‍රයන් කෙරෙහි දැඩි ලෙස විශ්වාස කිරීමට පටන් ගන්නවා. මෙම අන්ධ විශ්වාසය කෙතරම් දුරදිග යනවද කිව්වොත්, ඔහු තම බිරිඳ වන ලලිතා සහ කුඩා දියණිය මීරා ව ද මෙම භයානක තන්ත්‍රික වත්පිළිවෙත් වලට සම්බන්ධ කරගැනීම සඳහා හුදෙකලා නිවසකට රැගෙන යනවා. ක්‍රමයෙන් ආනන්ද්ගේ මානසිකත්වය පිරිහී යද්දී, කුඩා මීරා “හනී” නම් අද්භූත ආත්මයක් සමඟ සන්නිවේදනය කිරීමට පටන් ගන්නවා. අධ්‍යක්ෂණය සහ තිර රචනය: කරුණා කුමාර් ප්‍රධාන රංගන ශිල්පීන්: නවීන් චන්ද්‍රා (ආනන්ද්), දිව්‍යා පිල්ලෙයි (ලලිතා), දිවි වද්ත්‍යා (රාවණා), සහ ජයනී (මීරා) නිකුත් වූ දිනය (Theatrical): 2026 පෙබරවාරි 06 OTT නිකුතුව: 2026 පෙබරවාරි 27 (Sun NXT සහ Amazon Prime Video හරහා) භාෂාව: තෙළිඟු (දෙමළ භාෂාවෙන් ද හඬකවා ඇත) කාණ්ඩය: Drama, Horror, Psychological