කතාවේ ප්‍රධාන චරිතේ “දා-ග්යොම්” (Joo Hyun-young). එයා හොරර් දේවල් ගැන වීඩියෝ කරන යූටියුබ් කෙනෙක් (YouTuber). එයාට ඕනේ කොහොම හරි එයාගේ චැනල් එකේ Views වැඩි කරගන්න. ඉතින් එයාට ආරංචි වෙනවා “ග්වන්ග්ලිම්” (Gwanglim) කියලා කෝච්චි ස්ටේෂන් එකක් ගැන. මේකේ අද්භූත දේවල් වෙනවා කියලා ප්‍රසිද්ධයි. දා-ග්යොම් මේ ස්ටේෂන් එකට යනවා රහස් හොයන්න. එතනදී එයාට හම්බවෙනවා එතන පරණ ස්ටේෂන් මාස්ටර්ව. මේ මනුස්සයා දා-ග්යොම්ට එතන සිද්ධ වුණ භයානක සිද්ධි මාලාවක් එකින් එක කතන්දර වගේ කියන්න පටන් ගන්නවා. (මේක Anthology ෆිල්ම් එකක්, ඒ කියන්නේ ප්‍රධාන කතාව ඇතුලේ තව පොඩි පොඩි හොරර් කතා කීපයක් යනවා). හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා අහගෙන ඉද්දි දා-ග්යොම්ට නොදැනීම එයාගේ ජීවිතෙත් ලොකු අනතුරක වැටෙන එක.