XStream.lk

Bring Her Back

HD 104 min 2025

Bring Her Back

7.4

ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ මේ අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසිත් අරගෙන ආවා. ඇත්තෙන්ම මේක පෞද්ගලිකව මම එකනම් ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්.අවාසනාවට ලංකාවෙ අපිට මේකෙ theater experience එක ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න වෙබ් පිටපත් ආව සැනින් ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවා. මේක මම බලාගෙන හිටපු ප්‍රධනම කාරණා දෙකක් තියෙනව. එක,මේක 2023 වසරේ නිකුත් වුනු Talk to me කියන චිත්‍රපටය අධ්‍යාපනය කරපු Philippou Brothers ලගෙ දෙවන සිනමා නිර්මාණය.එහෙම කිව්වට දන් නැති ගොඩක් දෙනෙක් මෙයාල දෙන්නව දන්නෙ The Racka Racka කියන මෙයාලගෙ Youtube නමින්. මීට අවුරුදු ගානක ඉඳල Youtube ඔස්සෙ විවිධ Action,comedy වගේ Cinematic short Content කරමින් ඉන්න මේ ඩබල බොහොම වාසනාවන්ත විදියට Sundance වලට පවා තේරී පත්වෙන විදියෙ අති දැවැන්ත සිනමා නිර්මාණයක් කරමින් සිය සිනමා ගමන ආරම්භ කරනව.ඒ Talk to me චිත්‍රපටයත් සමඟ. ඉති‍ං මේ Bring Her Back කියල කියන්නෙ එයාලගෙ දෙවන සිනමා නිර්මාණය. ඉතිං,වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. ඇන්ඩි සහ එයාගෙ අර්ධ සහෝදරියගෙ තාත්තා නැතිවෙනවත් එක්කම ඒ දෙන්න සම්පූර්ණ අනාත වෙනවා. ඒ නිසා ළමා කටයුතු කාර්‍යාංශය විසින් ඒ දෙන්නව ලෝරා කියල මනෝ උපදේශක වරියෙකු ගෙ නිවසේ නතර කරවනව.එතනින් පස්සෙ තමයි මේ ඇන් ඩි සහ එයාගෙ සහෝදරිය පයිපර් ජීවිතේ අඳුරු අතට හැරෙන්න ගන්නෙ.ලෝරා කියන කාන්තාව එයාගෙ මිය පරලොව ගිය දුවව නැවත වරක් මරණයෙන් පුබුදුවන්න උත්සහ කරනව.ඒකට එයා කරන Dark වගේම හරිම Cult Ritual එකකට මේ සහෝදර සහෝදරියො දෙකට්ටුව අහු වෙනව. ඉතිං ඉන් එහාට මොකක් වෙයි ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනව. චිත්‍රපටය මේ වෙද්දි හොඳ Rotten tomato අගයක් මෙන්ම IMDB අගයක් අරගෙන,ඉහල ආදායම් වාර්තා තබමින් Box office hit එකක් බවට පත් වෙලා,2025 වසරේ පිට වුනු දැවැන්තම Horror චිත්‍රපටය බවට පත් වෙලා හමාරයි.ඉතිං,සබ් එකත් එක්ක චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් ම අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු! සැ.යු :- ලේ වැගිරීම් වගේ භයානක දර්ශන ගොඩක් ඇතුලත් වෙනව.ඒ නිසා සංවේදී අය ප්‍රවේසමෙන්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie