මේ චිත්‍රපටිය අපි කවුරුත් බලලා තියන Safe Haven (2013),The Notebook (2004) නිර්මාණය කරපු අයගේම නිර්මාණයක්.ඒ වගේම මේක තමයි එකම මාතෘකාවක් යටතේ Nicholas Sparks රචනා කල 9වැනි ග්‍රන්ථය චිත්‍රපටිය ගැන කියනවා නම්…චිත්‍රපටියේ ඇමැන්ඩා හා ඩෝසන්ගේ කාල දෙකක් ගැන පෙන්වනවා ඒ තරුණ කාලය වගේම එයාලා ගේ දැන් වයස කාලය (මැදි වයස) ගැනත්..මේ දෙන්නාගේ තරුණ කාලේ චරිත නිරුපණය කරන්නේ Luke Bracey හා Liana Liberato ඇයව නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති..ඒ වගේම දැන් චිත්‍රපටියේ වර්තමාන කාලයේ ඒ චරිත කරන්නේ Michelle Monaghan හා James Marsden විසිනි…. කතාව ගැන කියනවා නම් ඇමැන්ඩා හා ඩෝසන් පාසල් යන කාලේදිම පෙම්වතුන් වෙනවා… ඔවුන් දෙදෙනා ගොඩක් ආදරයෙන් කාලය ගත කරනවා… ඩොසන් වැඩි දුර ඉගෙනගන්න අදහස් කරගෙන හිටියේ නැතත් ඇමැන්ඩා ඔහුට බලකරලාම ඔහුට ඒ දේවල් ගැන දිරිමත් කරනවා… ඇමැන්ඩා කියන්නේ සල්ලිකාර පවුලක දුවෙක්…ඩෝසන් එහෙම කෙනෙක් නෙමෙයි ඔහුගේ තාත්තා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක්…ඒ වගේම ඩෝසන් තාත්තාගෙන් වෙන් වෙලා ටක් නැමැති ඒ පලාතේ ජිවත් වෙන කෙනෙක් ගේ ගෙදර ඉන්නේ… ටක් ඇමැන්ඩා හා ඩෝසන්ට ගොඩක් උදව් එහෙමත් කරනවා..කොහොම හරි ඩෝසන් ගේ අතින් සිදුවෙන වැරැදිමක් නිසා ඇමැන්ඩා හා ඩෝසන් වෙන් වෙනවා….මේ දෙන්නා අවුරුදු ගානකටම එකිනෙකාව දකින්නේ නෑ…මෙහෙම වසර 21ක් ගෙවිලා යනවා..ඩෝසන්ට ආරංචියක් ලැබෙනවා තමන් ජිවත් උන ගමේ තමන්ට තරුණ කාලේ උදව් කරපු ටක් කියන කෙනා මැරුනා කියලා..ඉතින් ඩෝසන් එයාගේ අවමංගල්‍යට යනවා…මේ කාරණාවම ඇමැන්ඩාටත් දැනගන්න ලැබෙනවා ටක් නැතිවෙලා කියලා…ඇමැන්ඩාත් මේ අවමංගල්‍යට සහාභාගිවෙන්න ඇය කලින් හිටපු ගමට එනවා…ඒ අවා ගමන් තමයි අහම්බෙන් වගේ නැවතත් ඩොසන් හා ඇමැන්ඩා මුණ ගැහෙන්නේ…ඇමැන්ඩා ඩෝසන් එක්ක ගොඩක් තරහින් ඉන්නේ (ඒ සිදුවිම චිත්‍රපටිය බලලා දැනගන්න තරමටම හොදයි) කොහොම හරි ඩෝසන්ට ඇමැන්ඩාව දැකපු ගමන් අතිත සිදුවිම් සියල්ලම මතක් වෙනවා…ඩෝසන් කවදාවත් කසාද බැන්දේ නෑ..ඔහු තාමත් ඇමැන්ඩාට ආදරයෙි…නමුත් ඇමැන්ඩා දැන්ට විවාහ වෙලා ඉන්නේ ඒ වගේම දැන් ලොකු දරුවෙකුත් ඉන්න අම්මා කෙනෙක්. නමුත් ඇමැන්ඩාගේ හිතෙත් ඩෝසන් ගැන තාමත් ආදරයක් හිතේ තියනවා…මේ දෙන්නාගේ මේ ආදර කතාව තමයි ඔයාලට බලන්න වෙන්නේ… චිත්‍රපටිය ගොඩක් කියලා නෑ ඒක නිසා රසවින්දනයට හානියක් වෙන්නේ නෑ..කොහොමත් ඇමැන්ඩායි ඩෝසනුයි ඇයි වෙන් උනේ? ඇයි ඇමැන්ඩා ඩෝසන් එක්ක මේ තරම් තරහා…ඇයි ඇය කසාද බැන්දේ ඩෝසන්ව අමතක කරලා? මේ දේවල් ගැන දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.