කොහොමද ඉතින්, අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “ස්‍රී අයියප්පන්” කියන මලයාලම් ෆිල්ම් එක. ත්‍රස්තවාදියෝ වගයක් ඉන්දියාවේ වන්දනා ගමනක් යන මිනිස්සු ටිකක් ඉලක්ක කරලා කරන්න යන ලොකු විනාශයක් ගැන තමයි මේ කතාවේ කියවෙන්නේ. ඉතින් අයියප්පන් කියලා කියන්නේ මේ මිනිස්සු වන්දනා කරගන්න යන දෙවියෝ. කතාව ගැන ටිකක් කිව්වොත්, කේරළේ ඝන කැලෑවක් මැද්දේ තියෙන පූජනීය කෝවිලකුයි, ඒ ඇතුලේ තියෙන මිල කරන්න බැරි රහස් වස්තුවක් ඉස්සර කාලේ බ්‍රිතාන්‍යයන්ටවත් අත්පත් කරගන්න බැරි වුනා. ඉතින් ඒ කාලේ ගෝත්‍රික මිනිස්සු ජීවිත පරදුවට තියලා ආරක්ෂා කරපු ඒ පූජනීය භූමියට මේ වෙනකොට ත්‍රස්තවාදියෝ වගයකින් දරුණු තර්ජනයක් ඇවිත් තියෙනවා. නිවාඩුවකට ගෙදර එන හමුදා නිලධාරියෙක් වෙච්ච මණිකන්ඩන්, අහම්බයකින් වගේ සබරිමලෙයි වන්දනා ගමනකට එකතු වෙනවා. ඒත් මණිකන්ඩන් දන්නේ නැහැ මේ ගමන එයාගේ සාමාන්‍ය නිවාඩුවට වඩා හාත්පසින්ම වෙනස්, මුළු රටේම ආරක්ෂාව තීරණය කරන තීරණාත්මක මෙහෙයුමක් වෙන්න යනවා කියන එක. එක පැත්තකින් මුළු වන්දනා භූමියම විනාශ කරන්න සැලසුම් කරන ත්‍රස්තවාදියෝ ටිකක්, අනිත් පැත්තෙන් ඒ පිටිපස්සේ පන්නන ඉන්දියානු හමුදාවයි, ත්‍රස්ත මර්දන ඒකකයයි. මේ හැමදේටම මැදි වෙලා, කිසි දෙයක් කරකියා ගන්න බැරුව ඉන්න අසරණ ගෑණු ළමයෙකුගේ ජීවිතය. ඉතින් පූජනීය අයියප්පා දෙවියන්ගේ භූමිය ආරක්ෂා කරන වගකීම මණිකන්ඩන්ට පැවරෙනවා. ඉතින් මේ සටනෙන් දිනන්න මණිකන්ඩන්ට පුළුවන් වෙයිද?. තවත් ෆිල්ම් එකකින් මුණ ගැහෙමු. සුභ දවසක්.