XStream.lk

Paathirathri

HD 124 min 2025

Paathirathri

6.0

ආයුබෝවන්, ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උණු උණුවෙ මලයාලම් ත්‍රිලර් එකක උපසිරැසියක් ගේනවා. ඇත්තෙන්ම මේක තිරයට ඇවිල්ල දැන් ටික කාලයක්. ඒ කියන්නෙ පසු ගිය ඔක්තෝම්බරයෙ. ඒත් OTT Release එක ගොඩක් කල් ගියා. ඒ නිසා බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටියා මේක නිකුත් වෙනකල්. අවසානයේ ඔන්න අද ඒක නිකුත් කලාම අදම මේක ඔයාලට දෙනවා. ඉතිං මට මේක සුවිශේෂ උප සිරැසියක්. මේක මගේ 300 වෙනි උපසිරැසිය සහ 150 වෙනි මලයාලම් උපසිරැසිය. මලයාලි ප්‍රමූඛ දකුණු ඉන්දියානු සිනමාවෙ පොලිස් සූට් එකක් දකින්න නැති චිත්‍රපටි අතලොස්සයි, ඒකෙනුත් වැඩිපුර තියෙන්නෙ පොලිසිය පාදක කර ගත් කතා. ඒ නිසා හැම ජනප්‍රිය් නළුවෙක්ම පොලිස් සූට් එක ඇඳල තියෙනවා. සුබින් සුහේර් මීට කලින් පොලිස් සූට් එක ගහපු චිත්‍රපටියක් මතක් උනාද?, ඇඟම හීතල වෙලා යයි. මේකෙත් සුබින් ඉන්නෙ පොලිස් කාරයෙකුට. හැබැයි ටිකක් අහිංසකයි. ඉතින් මේ පොලිස් කොස්තාපල් වරයා තවත් උප පොලිස් කාරිණියක් එක්ක රාත්‍රී මුර සංචාරයක යෙදෙන කොට ලොකු අලකලංචියක පැටළෙනවා. සයිඩ් එකෙන් මාරු වෙලා ඉන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ. රස්සාවත් අනතුරේ වැටිල ඒකෙන් බේරෙන්න උත්සාහ කරන එක තමයි මූලික කතාව. ඒ අස්සෙ තව අතුරු කතා යනවා එක එක්කෙනාගෙ පවුක් ජීවිත ගැන හිර වීම, හිමි කම්. යුතු කම් ගැන.මේ දවස් වල සුප්‍රසිද්ධ බෞද්ධ පාඨය “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” මලයාලම් චිත්‍රපටි වලට අදාළයි නම් මේකටත් අදාළයි. අවසානයේ මිනීමරුවා නීතිය ඉදිරියට ගෙන එයිද? බලල ඉන්න. ඇත්තටම හොඳ ත්‍රිලරයක්. සුබින් සමග නව්‍යා නායර්, සනී වේන්,ඈන් ඔගස්‍ටින්, ආත්මියා රාජන්, අච්‍යුත් කුමාර හා හරිශ්‍රී අශෝකන් රඟපාන මෙහි රතීනා පී ටී ගේ අධ්‍යක්ශණයක්. ඉතින් අවසන් වශයෙන් වසර දෙකහමාරක් තුලඔබට උපසිරැසි 300ක් ගෙන ඒමට හැකි වීම ගැන මාර සතුටුයි. ඒකෙනුත් අද මම දෙන්නෙ මගෙ 150 වෙනි මලයාලම් උපසිරැසිය. ටිකක් කටුක ව්‍යායාමයක් උනත් තාමත් එපා වෙන්නෙ නැතුව කරන විනෝදාංශයක් මේක. මේකට මුළු හිතින්ම උදව් කරන බයිස්කෝප් කණ්ඩායම, කොමෙන්ට් වලින් දිරිමත් කරන ඔබ සැම වගේම නරඹන සියළුම දෙනාට ස්තූතියි. තව තව කරමු වෙලාව තියෙන හැටියට. හැමෝටම ස්තූතියි. නැවත හමු වෙමු. ආයුබෝවන්

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie