XStream.lk

Marty Supreme

HD 150 min 2025

Marty Supreme

7.7

ඔන්න යාලුවනේ, අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ, වෙනස්ම ආරක අමුතුම චිත්‍රපටයක්. ඒ තමයි Marty Supreme (2025). මේක Sports Drama ගණයට අයත් වුණත්, නිකම්ම ක්‍රීඩාවක් ගැන විතරක් තියෙන චිත්‍රපටයක් නෙවෙයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි ෆිල්ම් ගේන A24 ආයතනය විසින්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Safdie විසින්. ඔයාලට මතක ඇතිනේ Adam Sandler රඟපාපු “Uncut Gems” චිත්‍රපටය? අන්න ඒ අධ්‍යක්ෂකවරයාගේම නිර්මාණයක් තමයි මේකත්. ඒ නිසාම මේ චිත්‍රපටයෙත් පුදුම වේගයක් සහ කුතුහලයක් තියෙනවා. ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නේ වර්තමානයේ ලෝකයේම ආදරය දිනාගත්ත සුපිරි නළු Timothée Chalamet. (ඔයාලා Dune, Wonka වගේ ෆිල්ම් වලින් මෙයාව දැකලා ඇති). මේකෙ එයා රඟපාන්නේ අපි දකින සුපුරුදු පෙනුමෙන් නෙවෙයි. මීට අමතරව ගොඩ කාලෙකට පස්සේ Gwyneth Paltrow වත් මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. ඒ වගේම රැප් ගායක Tyler, the Creator ත් මෙහි රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේක ගෙවිලා තියෙන්නේ 1950 දශකයේ නිව්යෝර්ක් නගරය වටා. කතාව යන්නේ Marty Reisman කියන වෘත්තීය මේස පන්දු (Ping Pong) ක්‍රීඩකයාගේ ජීවිතය ඇසුරෙන්. හැබැයි මේක සම්පූර්ණ ඇත්ත කතාවක්ම නෙවෙයි. මාර්ටි කියන්නේ පින් පොන් ක්‍රීඩාව කලාවක් වගේම සූදුවක් විදියටත් කරගෙන ගිය අමුතු චරිතයක්. එයාගේ මේස පන්දු ලෝකයේ වෙන පෙරළිකාර වැඩ, එයා මුහුණ දෙන අභියෝග සහ එයාගේ අමුතු විලාසිතා තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. Timothée Chalamet ගේ රංගනය නම් මේකෙදි සුපිරිම මට්ටමක තියෙනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජය වේවා! පොඩි පොඩි 18+ සීන් ටිකක් තියෙන හින්දා පවුලෙ හැමෝම එක්කනම් බලන්න එපා

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie