XStream.lk

Seetha Payanam

HD 150 min 2026

Seetha Payanam

4.0

Seetha Payanam (2026) කියන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු ලස්සන පවුලේ ආදර කතාවක්.. මේක අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙන්නෙ ප්‍රසිද්ධ නළු අර්ජුන් සර්ජා.. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ ප්‍රධාන චරිතය වෙන සීතාගෙ චරිතය කරන්නෙ එයාගෙම දුව වෙන අයිශ්වර්යා අර්ජුන්.. සීතා කියන්නෙ තමන්ගෙ අම්මා නැති වුණාට පස්සෙ තාත්තාගෙ ආදරය මැද හැදෙන කෙල්ලෙක්.. ඇයගෙ තාත්තා විදිහට රඟපාන්නෙ සත්‍යරාජ්.. තාත්තයි දුවයි අතරෙ තියෙන්නෙ ගොඩක් ලොකු බැඳීමක්.. මේ නිසාම සීතා කසාද බඳින්නෙත් නෑ තාත්තාව දාලා යන්න බැරි නිසා.. සීතා දක්ෂ කෝකියෙක්.. දවසක් ඇය වැඩමුළුවකට සහභාගි වෙන්න වයිසැග් වල ඉඳන් හයිද්‍රාබාද් වලට කාර් එකේ යනවා.. මේ යන අතරමගදී ඇයට අභි කියලා කෙනෙක්ව මුණගැහෙනවා.. අභිගෙ වාහනේ කැඩිලා තියෙන නිසා සීතා එයාට ලිෆ්ට් එකක් දෙනවා.. මේ ගමන අතරතුර එයාලට ගොඩක් අයව මුණගැහෙනවා වගේම ගමන ටිකක් පරක්කු වෙනවා.. මේ පරක්කු වීම නිසා සීතා ලොකු අනතුරකින් බේරෙනවා.. ඒ කියන්නෙ ඇය සහභාගි වෙන්න ගිය වැඩමුළුව තියෙන තැන ලොකු ගෑස් පිපිරීමක් වෙලා ගොඩක් අය මැරෙනවා.. සීතාට තේරෙනවා ඇය මේ ගමනෙදි මුණගැහුණු අය නිසා පරක්කු වුණු එකෙන් තමයි ඇයගෙ ජීවිතේ බේරුණෙ කියලා.. ඉතින් ඇය තීරණය කරනවා ආපහු ගිහින් ඒ මුණගැහුණු හැමෝටම වගේම අභිටත් ස්තූති කරන්න.. මේ ආපහු යන ගමනෙදි අභිගෙ හැබෑ ස්වරූපය මොකක්ද සහ එයාලගෙ ආදර කතාවට මොකද වෙන්නෙ කියන එක තමයි චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ.. නළු නිළියන් අයිශ්වර්යා අර්ජුන් – සීතා විදිහට නිරංජන් සුධීන්ද්‍ර – අභි විදිහට සත්‍යරාජ් – රාජේන්ද්‍ර ප්‍රසාද් (සීතාගෙ තාත්තා) ප්‍රකාශ් රාජ් – ආංජනේයුලු (අභිගෙ සීයා) මීට අමතරව අධ්‍යක්ෂක අර්ජුන් සර්ජා සහ ධ්‍රැව් සර්ජා විශේෂ චරිත වලින් මේකට සම්බන්ධ වෙනවා.. මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්..

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Khiladi
159 min 1992

Khiladi

Thriller Movie
Thangamagan
121 min 2015

Thangamagan

Action Movie
Parasakthi
163 min 2026

Parasakthi

History Movie